වෙඩි වරුසාවකින් කළුතරම ලෙයින් නෑවූ අවන්හල්හිමිකරුගේ ඝාතනය ගැන තවත් රහස් රැසක් එළි වෙයි - කළින් ඇසිඩ් ප්‍රහාරයකුත්
කළුතර, නාගොඩ, ගල්ලස්ස ප්‍රදේශයේදී අද (09) දින උදෑසන අවන්හල් හිමිකරුවකු වෙඩි තබා ඝාතනය කර තිබුණා.
මෙම වෙඩි ප්‍රහාරයෙන් ඔහුගේ බිරිඳ බරපතළ තුවාල ලබා රෝහල්ගත කර ඇති අතර ඝාතනයට නිශ්චිත හේතුවක් මෙතෙක් හෙළි වී නැති බව සඳහන්.
මෙම වෙඩි තැබීම යතුරුපැදියකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවකු විසින් සිදුකර තිබුණ අතර ඒ එම අවන්හලේ හිමිකරු හා ඔහුගේ බිරිඳ ඉලක්ක කරගනිමින්.
මේ අතර පොලිසිය සඳහන් කළේ ටී-56 ගිනිඅවියකින් අදාළ වෙඩිතැබීම සිදුකර තිබූ බවත් උණ්ඩ 30ක් සහිත එහි මැගසිනය අවසන් වනතුරු වෙඩිතැබීම සිදුකර ඇති බවයි.
එමෙන්ම වෙඩි ප්‍රහාරයෙන් බරපතළ තුවාල ලැබූ අවන්හලේ හිමිකරු එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්වූ අතර ඔහුගේ බිරිඳ බරපතළ තුවාල ලබා නාගොඩ රෝහලට ඇතුළත් කෙරුණු බව සඳහන්.
වෙඩි ප්‍රහාරය සිදු කර වෙඩික්කරුවන් පලාගොස් ඇති අතර ඝාතනය වූ පුද්ගලයා 54 හැවිරිදි තුෂාර සම්පත් නමැති දොඩංගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බව වාර්තා වේ.
මේ අතර පොලීසිය සඳහන් කළේ ඝාතනය වූ පුද්ගලයාට මීට වසර ගණනාවකට පෙර සිදුකළ ඝාතනයක් සම්බන්ධයෙන් චෝදනා එල්ලවී තිබෙන බවයි. එසේම එහිදී ඔහුට එල්ලවූ ඇසිඩ් ප්‍රහාරයක් නිසා ඇස් පෙනීම ද දුර්වල මට්ටමක තිබී ඇති බව සඳහන්. තවද ඔහු අපරාධකරුවෙකුගේ කළු සල්ලි සුදු කිරීමේ නිරතව වී සිට ඇති බවට ද තොරතුරු ලැබී ඇති බව පොලිසිය ප්‍රකාශ කරයි.
අධ්‍යාපන ක්ෂේත්‍රයම උඩුයටිකුරු කරමින් නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ රැසක් - නොවැම්බර්වල 1 සිට 11 ශ්‍රේණි දක්වා මාර්ගෝපදේශ මාලාවක්
මේ අතර බෝම්බුවල නවීන් නැමති අපරාධකරු සමඟ කලක් මොහු සමීපව කටයුතු කර ඇති බවත්, ඒ නිසා ඝාතනය වූ පුද්ගලයාගේ අවන්හලේ කාමරයක් බූරුවා ගැසීමට ඉල්ලීම හේතුවෙන් ඔවුන් අතර ආරවුලක් ඇතිවී තිබෙන බවට ද වාර්තා වන බවද පොලිසිය පෙන්වා දෙයි.
එමෙන්ම පොලිසිය සැකකරන්නේ බෝම්බුවල නවීන් නැමැත්තා විසින් මෙම ඝාතනය සිදුකර තිබෙන බවටයි. එහෙත් මෙම ඝාතනයට නිශ්චිත හේතුවක් මෙතෙක් හෙළි වී නොමැති අතර මෙම වෙඩිතැබීමත් සමඟ වසරේ මෙතෙක් සිදු වූ වෙඩිතැබීම් ගණන 43ක් විය.
එසේම ඉන් පුද්ගලයන් 24 මියගොස් තවත් 23 දෙනෙකු තුවාල ලබා ඇත.