එකම තැනක රස දහසක් විඳගන්න ඔබත් Reecha Food Festival මහා ආහාර සැනකෙළියට එන්න
රස නහර පිනවූ රසවත් ආහාරයක් යනු විටෙක කුසගින්න නිවා ගැනීමකට ලැබෙන ශක්තියක්. එහෙත් තවත් විටෙක එය ආහාරයකට එහා ගිය රසවත් සුන්දර අත්දැකීමක්, ජීවිතයට නානාප්‍රකාර රස මතක එකතු කරන ඇබ්බැහියක්. රස බලපු ඇතැම් ආහාරවල රස තවමත් දිව අග දැනීම ඒ මතක අප තුළ ජීවමාන බවට පවතින කදිම සාක්ෂියක්.
සුද්දාගේ මුතු ඇටේ වුණු ලංකාද්වීපය කවදත් ආගන්තුක සත්කාරවලින් පෙරමුණ ගත්තේ පර සුද්දෙකුට වුණත් ලංකාවේ හතර දිග්භාගෙම තිබ්බ රස එක කටකට කවමින්. ඒ මායාකාර රසයන් උතුරෙන් පටන් ගෙන දකුණටත්, ලංකාව පුරාවටත් විහිදිලා තියෙන්නේ එකකට එකක් වෙනස් රස, සුවඳ විතරක් නොවෙයි වර්ණයන් පවා වෙනස් වුණු ආහාර සංස්කෘතියක් අපිට උරුම කර දෙමින්.
ඉතින් එවන් රසබර අත්දැකීමක් ඔබේ ජීවිතයටත් එක් කර ගන්න, මෙවර Reecha Food Festival මහා ආහාර සැනකෙළිය කදිම අවස්ථාවක්, රස මතක පිරුණු තැනක්.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සංචාරක පාරාදීසයක් වන උතුරේ, කිලිනොච්චි ඉයක්කච්චියේ පිහිටි රීචා ග්‍රෑන්ඩ් ෆුඩ් ෆෙස්ටිවල් යනු උතුරු පළාතේ සුන්දරත්වය, දිව පිනවන රසවත් ආහාර, කන් පිනවන සංගීතය, එකිනෙකට වෙනස් වූ සංස්කෘතිය සහ හිත පිනවන විනෝදාස්වාදය, මේ සියල්ල තිළිණ කරන රසවත් මොහොතක්.
පවුලේ සැමට විනෝදයෙන් පිරුණු සන්ධ්‍යාවක් ගත කිරීමට අවස්ථාව සලසන මෙම මහා ආහාර උළෙල එලඹෙන අගෝස්තු 7, 8, 9 සහ 10 යන දිනවල සවස 6.00 සිට රාත්‍රී 10.00 දක්වා පැවැත් වීමට නියමිතව ඇත.
එසේම විවිධ රසයන්ගෙන් යුත් විශේෂ ආහාර වර්ග රැසක් රසවිඳීමට මෙහිදී ඔබට අවස්ථාව හිමිවන අතර, ආහාර රසවිඳින අතරතුර ඉවුම් පිහුම් කලාවේ විශේෂත්වයන් අත්විඳීමට, සජීවී ඉවුම් පිහුම් අවස්ථා දෑසින්ම දැක බලා ගැනීමට අවස්ථාව ලැබෙනු ඇත.
ඊට අමතරව මෙම ආහාර උළෙලේ විශේෂ අංගයක් ලෙස උතුරට අනන්‍ය සංස්කෘතික වටිනාකම් විදහා දක්වන සංස්කෘතික සංදර්ශන ද පැවැත් වෙනු ඇත. රස නහර පිනවන ආහාර, සංගීතය සහ සංස්කෘතිය පමණක් නොව, පවුලේ සැමට එකට එක්ව විනෝද විය හැකි විවිධ විනෝදාස්වාද අංගවලින් ද මේ මහා ආහාර සැනකෙළිය වර්ණවත් වනු ඇත.
ඉතින් ඔබේම ආදරණීයන් සමඟ රස මතක එකතු කිරීමට රීචා ග්‍රෑන්ඩ්, ඉයක්කච්චි, කිලිනොච්චි වෙත, අගෝස්තු 7, 8, 9 සහ 10 යන දිනවල, සවස 6.00 සිට රාත්‍රී 10.00 දක්වා ඔබත් එක්වන්න.
ඒ සඳහා අදම ඔබේ ටිකට් පතත් වෙන් කරවා ගන්න. මේ පිළිබඳ වැඩිදුර විස්තර සඳහා පහත දුරකථන අංක ඔස්සේ සම්බන්ධ විය හැක.
077 777 2353
077 777 2354