බහරේන් ශ්‍රී ලංකා තානාපති කාර්යාලයෙන් විශේෂ නිවේදනයක් - යළි දැනුම්දෙන තුරු මේ සඳහා තාවකාලිකව අවසරක්
බහරේන් රාජධානියේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය නිවේදනය නිකුත් කර ඇති බව වාර්තා වේ.
ඒ ශ්‍රී ලංකා ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ ඉලෙක්ට්‍රොනික සංචාරක අවසරය (ETA) වෙබ් අඩවියේ පද්ධති නඩත්තු කටයුත්තක් නිසා තාවකාලිකව අක්‍රිය වී ඇති බවටයි.
ඒ අනුව, බහරේන් ජාතිකයින් ඇතුළුව ETA සඳහා සුදුසුකම් ලබන රටවල සංචාරකයින්ට, යළි දැනුම්දෙන තුරු පූර්ව ETA අනුමැතියකින් තොරව ශ්‍රී ලංකාව බලා ගුවන් යානාවලට ගොඩවීමට තාවකාලිකව අවසර හිමි වන බව අඳාළ නිවේදනයේ සඳහන්.
කෙසේ වුවද මෙම තාවකාලික වැඩපිළිවෙළ පාකිස්ථානය, කැමරූන්, නයිජීරියාව, අයිවරි කෝස්ට්, ඝානාව, ඇෆ්ගනිස්ථානය සහ සිරියාව යන රටවල ජාතිකයින්ට අදාළ නොවන අතර, එම රටවල පුරවැසියන් ශ්‍රී ලංකාවට පැමිණීමට පෙර පවතින වීසා සහ ETA අවශ්‍යතාවලට අනුව කටයුතු කළ යුතු බව සඳහන්.
එසේම සුදුසුකම් ලත් සංචාරකයින්ට බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේදී හෝ අදාළ ප්‍රවේශ තොටේදී පැමිණීමෙන් පසු ETA හෝ සංචාරක වීසා ලබා ගැනීමට පහසුකම් සලසනු ලබන අතර, එය සාමාන්‍ය ආගමන පරීක්ෂාවන්ට, අදාළ අවශ්‍යතාවලට සහ ශ්‍රී ලංකා ආගමන බලධාරීන්ගේ අනුමැතියට යටත් බවත් වාර්තා වේ.
එසේම මෙම තාවකාලික විධිවිධානය නැවත දැනුම් දෙන තුරු ක්‍රියාත්මක වන බවත්, ETA පද්ධතිය යථා තත්ත්වයට පත් කර සාමාන්‍ය කටයුතු ආරම්භ කළ පසු මහජනතාව දැනුවත් කරන බවත් තානාපති කාර්යාලය වැඩිදුරටත් අඳාළ නිවේදනයේ දන්වා ඇත.