මහ මුහුද කැළඹෙයි - මි.මී. 100 ට වැඩි තද වැසි - හෙට උදේ 08:30 දක්වා දිවයිනටම භයානක තත්ත්වයක්
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ස්වාභාවික විපත් පිළිබද පුර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය මඟින් අධික වර්ෂාව සම්බන්ධයෙන් සූදානම් වන්නැයි නිවේදනයක් නිකුත් කර ඇත.
එය අද(25) සවස 02:00 සිට හෙට (26) උදෑසන 08:30 දක්වා වලංගු වේ.
අඳාළ නිවේදනයේ දැක්වෙන ආකාරයට පහත සඳහන් ප්‍රදේශවල සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී තැනින් තැන ගිගුරුම් සහිත වැසි සමඟ ප්‍රබල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතියි.
එසේම බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 100 ට වැඩි තද වැසි ඇති විය හැක.
ගිගුරුම් සහිත වැසි ඇති වන විට මුහුදු ප්‍රදේශවල තාවකාලිකව පැයට කිලෝමීටර් 60-70 ක පමණ තද සුළං සහ ඉතා රළු මුහුදු තත්ත්වයක් ඇති විය හැක.
ජනවාරි 1 සිට වැටුප් වැඩිවෙන්නේ මේ විදිහටයි - විවිධ ශ්‍රේණිවලට වැටුප් වැඩිවෙන ආකාරය ගැන සංඛ්‍යා ලේඛණ එළියට
ඒ අනුව බලපෑම ඇතිවිය හැකි ප්‍රදේශ සමඟ සම්පූර්ණ නිවේදනය පහතින්,

