තත්ත්වය දරුණු අතට - මේ අය සඳහා ඇම්බර් අනතුරු ඇඟවීම් නිකුත් කරයි - අද සවස 4 දක්වා ක්‍රියාත්මකයි

Report

පවතින අයහපත් කාලගුණික තත්ත්වයත් සමඟ දිස්ත්‍රික්ක 06ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයක් සඳහා නායයෑම් පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන ඇත.

ඒ අනුව මෙම අනතුරු ඇඟවීම් ඊයේ (25) පස්වරු 4.00 සිට අද (26) පස්වරු 4.00 දක්වා ක්‍රියාත්මක වන පරිදී නිකුත් කර ඇති බව එම සංවිධානයේ නායයෑම් පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය පවසයි.

එසේ නිකුත් කර ඇති අනතුරු ඇඟවීමේ නිවේදන පහත පරිදි වේ.

මහ මුහුද කැළඹෙයි - මි.මී. 100 ට වැඩි තද වැසි - හෙට උදේ 08:30 දක්වා දිවයිනටම භයානක තත්ත්වයක්

මහ මුහුද කැළඹෙයි - මි.මී. 100 ට වැඩි තද වැසි - හෙට උදේ 08:30 දක්වා දිවයිනටම භයානක තත්ත්වයක්

අදියර 02 - අවදානයෙන් සිටින්න (Amber)

මහනුවර දිස්ත්‍රික්කය: උඩුනුවර

කෑගල්ල දිස්ත්‍රික්කය: කෑගල්ල, රඹුක්කන, යටියන්තොට, මාවනැල්ල, බුලත්කොහුපිටිය සහ ගලිගමුව

අදියර 01 - විමසිලිමත් වන්න (Yellow)

කළුතර දිස්ත්‍රික්කය: බුලත්සිංහල සහ පාලින්දනුවර

මහනුවර දිස්ත්‍රික්කය: දොළුව, ගඟ ඉහළ කෝරළය, උඩපළාත සහ යටිනුවර

කෑගල්ල දිස්ත්‍රික්කය: අරණායක, රුවන්වැල්ල සහ දෙහිඕවිට

මාතලේ දිස්ත්‍රික්කය: රත්තොට

නුවරඑළිය දිස්ත්‍රික්කය: නිල්දණ්ඩාහින්න, කොත්මලේ බටහිර, අඹගමුව කෝරළය, කොත්මලේ නැගෙනහිර, තලවාකැලේ, නෝර්වුඩ් සහ වලපනේ

රත්නපුර දිස්ත්‍රික්කය: කිරිඇල්ල සහ කුරුවිට

මෙම ප්‍රදේශවල කඳුකර බෑවුම් ආශ්‍රිතව වෙසෙන ජනතාව නායයෑම්, බෑවුම් කඩා වැටීම්, ගල් පෙරළීම් සහ පස් කණ්ඩි කඩා වැටීම් පිළිබඳව දැඩි විමසිල්ලෙන් පසුවිය යුතු බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය වැඩිදුරටත් දන්වා ඇත.

මේක නම් පිස්සුවක් - පෝය දවසේ ලංකාවේ රන් මිලට මෙහෙම වෙයි කියලා කවුද හිතුවේ - අද රන් මිල මෙන්න

මේක නම් පිස්සුවක් - පෝය දවසේ ලංකාවේ රන් මිලට මෙහෙම වෙයි කියලා කවුද හිතුවේ - අද රන් මිල මෙන්න

මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහට අස්වෙන්න කියයි - අධික වරප්‍රසාද සහ වැටුප් ලබාගත් බවට චෝදනා

මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහට අස්වෙන්න කියයි - අධික වරප්‍රසාද සහ වැටුප් ලබාගත් බවට චෝදනා