මහ වැස්සට මහනුවර යට වෙයි - වාහන ගමනාගමනයටත් දැඩි බාධා
අධික වර්ෂාව නිසා මහනුවර ප්‍රදේශයේ මාර්ග රැසක් අද (25) දින ජලයෙන් යටවී ඇත.
ඒ අනුව මහනුවර - යාපනය මාර්ගයේ අකුරණ නගරයත් මේ හේතුවෙන් ජලයෙන් යටව පැවති බව සඳහන්.
මේ අතර පේරාදෙණියේ පැණිදෙණිය ප්‍රදේශයේ මාර්ගයත් ජලයෙන් යටව පැවති බව වාර්තා වේ.
එසේම අද පස්වරු 6.00 ට පමණ නගරය ජලයෙන් යටව තිබූ අතර මේ හේතුවෙන් එම මාර්ගයේ වාහන ගමනාගමනයටද දැඩි බාධා එල්ල වී ඇති බව සඳහන්.
එමෙන්ම ජල ගැලීම හේතුවෙන් නගරයේ ව්‍යාපාරික ස්ථාන තුළටද ජලය ගැලීම හේතුවෙන් අලාබහානි රැසක් සිදුව ඇති බයි ව්‍යාපාරිකයින් පවසයි.