කොළඹ මහ නගර සභාව රු කෝටි 104 වැට් බදු ගෙවීම පැහැර හැරලා.. වහා ගෙවා අවසන් කරන බවට අධිකරණයේදී එකඟ වෙයි

Report

කොළඹ මහ නගර සභාව මඟින් 2016 වර්ෂයේ සිට රජයට නොගෙවා පැහැර හැරි බව කියන රුපියල් කෝටි 104 වැට් බදු කඩිනමින් ගෙවා නිම කිරීමට කටයුතු කරන බව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ඕෂද මිගාර මහාරච්චි ඉදිරියේ නගර සභාවේ නීතිඥවරුන් අද (25) දින පවසා ඇති බව සඳහන්.

ඒ අනුව මෙම කරුණු ඉදිරිපත් කළේ කොළඹ මහ නගර සභාව නොගෙවා පැහැරහැරි රුපියල් කෝටි 104ක බදු නැවත අය කරගැනීමේ නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා දේශීය ආදායම් කොමසාරිස්වරයා නගර සභාවට එරෙහිව පැවරූ පැමිණිල්ල කැඳවූ අවස්ථාවේදීයි.

එසේම නගර සභාව වෙනුවෙන් එම සභාවේ ගණකාධිකාරී වරයෙකු වූ සුගත් ධර්මසූරිය අධිකරණයේ පෙනී සිටි බව වාර්තා වේ.

දෙපාර්ශවයේ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සැකකරු රුපියල් ලක්ෂ 10 ක ශරීර ඇපයක් මත මුදා හරින ලෙසට නියෝග කර ඇත.

මේ සේවකයින්ට දැවැන්ත වැටුප් වැඩිවීමක් - දෙසැම්බර් මාසයේ සිට ක්‍රියාත්මක වන පරිදී 36%ක වැටුප් වැඩිවීමක්

මේ සේවකයින්ට දැවැන්ත වැටුප් වැඩිවීමක් - දෙසැම්බර් මාසයේ සිට ක්‍රියාත්මක වන පරිදී 36%ක වැටුප් වැඩිවීමක්

එමෙන්ම නගර සභාව වෙනුවෙන් පෙනී සිටි ගණකාධිකාරීවරයාට ස්ථාන මාරු ලබා දෙන්නේ නම් හෝ ඔහු විදේශගත වන්නේ නම් අධිකරණයේ අවසරය ලබා ගන්නා ලෙසටද නියෝග කර ඇත.

මේ අතර පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නීතිඥ දිනේෂ් පෙරේරා කරුණු දක්වමින් එම ගෙවා පැහැර ඇති හිඟ බදු අය කරගැනීමේ නියෝගයක් නිකුත් කරන ලෙසට අධිකරණයෙන් ඉල්ලා සිටි බව සඳහන්.

නගර සභාව වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් කරුණු දක්වමින් 2016 වසරේ සිට 2020 වසර දක්වා මෙසේ බදු මුදල් ගෙවීම පැහැර හැර ඇති බව පෙන්වා දුන් අතර නගර සභාව විසින් යෙදවුම් හා නිමවුම් මත සිදුකරන බදු ගෙවීම් මෙසේ නොගෙවා පැහැර හැර ඇති බවත්, හිග බදු ගෙවීම සිදුකිරීමට පාලනාධිකාරිය තීරණය කර ඇති බවත් ප්‍රකාශ කර ඇත.

මේක නම් පිස්සුවක් - පෝය දවසේ ලංකාවේ රන් මිලට මෙහෙම වෙයි කියලා කවුද හිතුවේ - අද රන් මිල මෙන්න

මේක නම් පිස්සුවක් - පෝය දවසේ ලංකාවේ රන් මිලට මෙහෙම වෙයි කියලා කවුද හිතුවේ - අද රන් මිල මෙන්න

එබැවින් දෙපාර්ශ්වය සමථයක් ඇති කිරීමට බලාපොරොත්තු වන බවත් හිඟ බදු ගෙවීමට කටයුතු කරන බවත් පෙන්වා දී තිබෙනවා.

එහිදී දෙපාර්ශ්වය ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා හිඟ බදු ගෙවීම කඩිනම් කරන ලෙසත්, බදු ගෙවීම සම්බන්ධයෙන් දෙපාර්ශවය අතර සමථයක් ඇත්නම් එම කරුණු මාර්තු මස 24 වැනි දින අධිකරණයට ඉදිරිපත් කරන ලෙසටත් නියෝග කර ඇත.

එසේම නගර සභාව වෙනුවෙන් පෙනී සිටි ගණකාධිකාරිවරයා ඇපමත මුදා හැරීමටද නියෝග කර ඇත.

ජනවාරි 1 සිට වැටුප් වැඩිවෙන්නේ මේ විදිහටයි - විවිධ ශ්‍රේණිවලට වැටුප් වැඩිවෙන ආකාරය ගැන සංඛ්‍යා ලේඛණ එළියට

ජනවාරි 1 සිට වැටුප් වැඩිවෙන්නේ මේ විදිහටයි - විවිධ ශ්‍රේණිවලට වැටුප් වැඩිවෙන ආකාරය ගැන සංඛ්‍යා ලේඛණ එළියට

මහ මුහුද කැළඹෙයි - මි.මී. 100 ට වැඩි තද වැසි - හෙට උදේ 08:30 දක්වා දිවයිනටම භයානක තත්ත්වයක්

මහ මුහුද කැළඹෙයි - මි.මී. 100 ට වැඩි තද වැසි - හෙට උදේ 08:30 දක්වා දිවයිනටම භයානක තත්ත්වයක්