ශ්‍රී ලංකාවට සුභ අරංචියක් - පළමු මාස 10 තුළ මෙරට අපනයන ආදායම 6%කින් ඉහළට

Report

2026 වසරේ මුල් මාස 10 තුළ ශ්‍රී ලංකාවේ භාණ්ඩ හා සේවා අපනයනවලින් උපයා ඇති සමස්ත ආදායම අමෙරිකානු ඩොලර් බිලියන 15.28ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) සඳහන් කළේ, 2025 වසරේ ජනවාරි සිට ඔක්තෝබර් දක්වා කාලය තුළ වාර්තා වූ අමෙරිකානු ඩොලර් බිලියන 14.41ක අපනයන ආදායමට සාපේක්ෂව මෙය සියයට 6.03ක වර්ධනයක් බවයි.

මෙම වර්ධනය සඳහා භාණ්ඩ අපනයන මෙන්ම සේවා අපනයන ක්ෂේත්‍රයන්ගෙන් ලැබුණු ධනාත්මක දායකත්වය හේතු වී ඇති බව එම මණ්ඩලය පෙන්වා දෙයි.

කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වයට විරෝධය පළ කරමින් පාර්ලිමේන්තුව තැඹිලි පැහැයෙන් සැරසෙයි

කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වයට විරෝධය පළ කරමින් පාර්ලිමේන්තුව තැඹිලි පැහැයෙන් සැරසෙයි

ශ්‍රී ලංකා රේගුව නිකුත් කළ නවතම දත්තවලට අනුව, භාණ්ඩ අපනයනයෙන් ලැබූ ආදායම ද පසුගිය වසරේ අදාළ කාලසීමාවේ වාර්තා වූ අමෙරිකානු ඩොලර් බිලියන 11.36 සිට ඩොලර් බිලියන 12.01ක් දක්වා ඉහළ ගොස් තිබේ.එය සියයට 5.72ක වර්ධනයකි.

මෙරට අපනයන අංශයේ මෙම ප්‍රගතිය සඳහා අපනයන තරගකාරිත්වය වැඩිදියුණු කිරීම, නව වෙළෙඳපොළ වෙත ප්‍රවේශ වීමේ අවස්ථා පුළුල් කිරීම සහ භාණ්ඩ හා සේවා අපනයන විවිධාංගීකරණය කිරීම බලපා ඇති බව අපනයන සංවර්ධන මණ්ඩලය සඳහන් කරයි.

එසේම, ඉහළ වටිනාකමක් සහිත නැගී එන අපනයන ක්ෂේත්‍ර දිරිගැන්වීම ද මෙම වර්ධනයට දායක වී ඇති බව එම මණ්ඩලය වැඩිදුරටත් පෙන්වා දෙයි.

මහ මුහුද කැළඹෙයි - මි.මී. 100 ට වැඩි තද වැසි - හෙට උදේ 08:30 දක්වා දිවයිනටම භයානක තත්ත්වයක්

මහ මුහුද කැළඹෙයි - මි.මී. 100 ට වැඩි තද වැසි - හෙට උදේ 08:30 දක්වා දිවයිනටම භයානක තත්ත්වයක්