මහ වැසි වැඩි වෙයි - මේ ජලාශයේ පහළ ප්‍රදේශවල ජනතාවට වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් රතු එළියක්
පවතින වර්ෂාපතනය සහිත කාලගුණ තත්ත්වය හමුවේ දැදුරු ඔය ජලාශයට එකතු වන ජල ප්‍රමාණය පාලනය කිරීමට එම ජලාශයේ වාන් දොරටු හතරක් අඩිය බැගින් විවෘත කර ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කරන බව වාර්තා වේ.
එබැවින් වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල කළමනාකරණ අධ්‍යක්ෂවරයා සඳහන් කරන්නේ මේ වන විට තත්පරයට ඝන අඩි 2,800ක ජල ප්‍රමාණයක් දැදුරු ඔය වෙත මුදා හරිමින් පවතින බවයි.
ඒ අනුව ඉදිරියේදී ජලාශයට ලැබෙන ජල ප්‍රමාණය සහ වර්ෂාපතනය අනුව වාන් දොරටු විවෘත කිරීමේ ප්‍රමාණය වෙනස් විය හැකි බැවින්, ජලාශයෙන් පහළ දැදුරු ඔය ආශ්‍රිතව පදිංචි ජනතාව ගංගාවේ ජල මට්ටම් වෙනස්වීම් පිළිබඳව දැඩි අවධානයෙන් පසුවිය යුතු බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.