රන් වෙළඳපොළම උඩුයටිකුරු කරමින් ලෝක වෙළඳපොළේ රත්තරන් මිල බිමටම වැටෙයි - ලෝකෙම පොරකන අද රන් මිල
අමෙරිකානු ඩොලරයේ අගය ඉහළ යාමත් සමඟ අද (25) දිනයේ ලෝක වෙළෙඳපොළේ රන් මිල පහළ ගොස් ඇති බව වාර්තා වේ.
ඒ අනුව අමෙරිකානු ෆෙඩරල් සංචිතයේ ඉදිරි පොලී අනුපාත තීරණයන් පිළිබඳ ඉඟියක් ලබා ගැනීමට අද පස්වරුවේ නිකුත් වීමට නියමිත එරට ප්‍රධාන උද්ධමන දත්ත දෙස ආයෝජකයින් දැඩි අවධානයකින් පසුවන බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.
අද පෙරවරුව වන විට රන් අවුන්සයක (Spot gold) මිල 1% කින් පහළ ගොස් අමෙරිකානු ඩොලර් 3,519.94 ක් වශයෙන් සටහන් වී ඇත. එසේම ඉකුත් සිකුරාදා දිනයේදී රන් මිල මාස 14 කින් වාර්තා වූ අවම අගය දක්වා පහත වැටී තිබුණා.
දෙසැම්බර් මාසයේ බෙදාහැරීම් සඳහා වන අමෙරිකානු රන් අනාගත ගිවිසුම් මිල ද 1.2% කින් පහළ ගොස් ඩොලර් 3,519.00 ක් වශයෙන් වාර්තා විය.
මෙම මිල පහත වැටීමට කොටස් වෙළෙඳපොළේ ඇති වූ පසුබෑම නිසා ආයෝජකයින්ට මුදල් අවශ්‍ය වීම ප්‍රධාන ලෙසම බලපා ඇති බව ANZ විශ්ලේෂක සෝනි කුමාරි ප්‍රකාශ කරන බව සඳහන්.
ඊට අමතරව ඩොලරය ශක්තිමත් වීම රන් මිලට ප්‍රබල බාධාවක් වී ඇති බව ඇය පවසා ඇත.
එසේම ප්‍රධාන මුදල් ඒකක හයකට සාපේක්ෂව ඩොලරයේ අගය මනින දර්ශකය 0.2% කින් ඉහළ යාම හේතුවෙන් වෙනත් මුදල් ඒකක භාවිත කරන ගැනුම්කරුවන්ට රන් මිලදී ගැනීම වඩාත් මිල අධික වී ඇති බව සඳහන්.
එසේම නව අමෙරිකානු තීරුබදු තර්ජන හේතුවෙන් ආසියානු කොටස් වෙළෙඳපොළවල් ද අද පසුබෑමකට ලක්ව ඇත.
අමෙරිකානු මහ බැංකුව සිය 2% උද්ධමන ඉලක්කය සඳහා සමීපව නිරීක්ෂණය කරන පුද්ගලික පරිභෝජන වියදම් (PCE) දර්ශකය අද ග්‍රිනිච් වේලාවෙන් 1330 ට නිකුත් කිරීමට නියමිත අතර දෙසැම්බර් මාසයේ පැවැත්වෙන ෆෙඩරල් සංචිත ප්‍රතිපත්ති රැස්වීමේදී පොලී අනුපාත පදනම් අංක 25 කින් ඉහළ නංවනු ඇති බව වෙළෙඳපොළ විශ්ලේෂකයෝ අපේක්ෂා කරයි.
එමෙන්ම ඉකුත් දා පැවති මධ්‍යවාර මැතිවරණයෙන් පසු ශ්‍රම වෙළෙඳපොළ සහ සමස්ත ආර්ථිකය පිළිබඳ ඇති වූ සුබවාදී ආකල්ප මත, නොවැම්බර් මාසයේදී අමෙරිකානු පාරිභෝගික විශ්වාසය වසර දෙකකට ආසන්න කාලයකින් ඉහළම අගයට පැමිණ ඇති බව ද වාර්තා වේ.
කෙසේ වෙතත් රන් මිලෙහි පවතින මෙම පීඩනය අවසානයේ පහව යනු ඇති බව අපේක්ෂා කළත්, 2027 වසරේ මුල් භාගය වන තෙක් එහි යථා තත්ත්වයට පත්වීම මන්දගාමී විය හැකි බව OCBC බැංකු විශ්ලේෂකයින් පවසයි.
එසේම අනෙකුත් වටිනා ලෝහ මිල ගණන් ද අද පහළ ගොස් තිබෙන බව සඳහන්.
ඒ අනුව රිදී අවුන්සයක් 1.1% කින් පහළ ගොස් ඩොලර් 40.41 ක් ලෙසත්, ප්ලැටිනම් 1.2% කින් පහළ ගොස් ඩොලර් 1,260.32 ක් ලෙසත්, පැලේඩියම් 0.4% කින් පහළ ගොස් ඩොලර් 850.45 ක් ලෙසත් සටහන් වන බව වාර්තා වේ.