16 වැනිදා සිට බලපාන විශේෂ නිවේදනයක්
දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අදත් පස්වරු 1.00 න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත.
ඒ අනුව විශේෂයෙන් බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ ඌව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ක පමණ තද වැසි ඇති විය හැකි බව අඳාළ නිවේදනයේ දක්වා ඇත.
මේ අතර කාලගුණය සම්බන්ධයෙන් කළ විමසීමකදී මෙම වැසි තත්ත්වය එළඹෙන 16 වන දා පටන් තවදුරටත් ඉහළ යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල් අතුල කරුණානායක මහතා සඳහන් කළ බව වාර්තා වේ.
කෙසේ වෙතත් පවතින වැසි සහිත කාලගුණය නිසා විය හැකි අනතුරු සම්බන්ධයෙන් අවධානයෙන් සිටින මෙන් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.