අද උදේ ඉඳන් මේ පැතිවලට මි.මී 100 ඉක්මවූ මහ වැසි
දිවයිනේ බොහෝ ප්‍රදේශවලට පස්වරු 1න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තුමේන්තුවෙන් නිවේදනය කරයි.
ඒ අනුව බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ ඌව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී 100ක පමණ තද වැසි ඇති විය හැකි බව වාර්තා වේ.
එසේම කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ අඳාළ නිවේදනයේ බස්නාහිර සහ දකුණු පළාත්වල උදෑසන කාලයේ දී ද වැසි ඇති විය හැකි බවද සඳහන්.
මේ අතර මධ්‍යම, සබරගමුව, ඌව සහ උතුරු මැද පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේ දී මිදුම් සහිත තත්ත්වයක් පවතින බවට ද එම නිවේදනයේ දැනුම් දී තිබෙනවා.