කොරියාවට යන්න බලන් ඉන්න අයට මෙන්න විශේෂ නිවේදනයක්

Sri Lanka South Korea Foreign Employment Bureau Sinhala news Breaking News
By Kaushi Jun 30, 2025 03:19 PM GMT
Kaushi

Kaushi

Report

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය මඟින් දකුණු කොරියාවේ සෘතුමය රැකියාවලට යොමුකරන E-8 වීසා කාණ්ඩයේ රැකියා අවස්ථා සක්‍රීය කිරීමට පියවර ගනිමින් සිටින බව ප්‍රකාශ කර ඇත.

ඒ අනුව ඒ සඳහා වන යෝජනාව කැබිනට් අනුමැතියට යොමුකර ඇති බව එම කාර්යංශයේ සභාපති කෝශල වික්‍රමසිංහ මහතා කියා ඇත.

ජපුරෙන් තීරණයක්, ආයේ බාහිර උපාධි හා විස්තාරිත පාඨමාලා නෑ

ජපුරෙන් තීරණයක්, ආයේ බාහිර උපාධි හා විස්තාරිත පාඨමාලා නෑ

එසේම ඔහු කියා සිටියේ එම අනුමැතිය ලැබීමෙන් පසුව දකුණු කොරියාව සමග අවබෝධතා ගිවිසුම් අත්සන් කිරීමෙන් පසු ශ්‍රමික පිරිස් රැකියාවලට යොමුකරන බවයි.

එමෙන්ම මේ වන විට දකුණු කොරියාවේ ප්‍රාන්ත 04ක් සමග අවබෝධතා ගිවිසුම් අත්සන් කිරීමට අවශ්‍ය කටයුතු යොදා ඇති බව සඳහන්.

කෙසේ වෙතත් මේ මස 10 වන දින අවසන් වන විට ඊට අත්සන් කිරීමට හැකිවනු ඇති බව ඔහු විශ්වාසය කරන බවද පවසා තිබෙනවා.

සුපිරි නිළිය හදිස්සියෙ මැරුණේ මේ නිසා, හේතුව ඇහුවොත් පුදුම වෙයි..වයසට යනවා කියලා මෙහෙම කරලා හරියනවද?

සුපිරි නිළිය හදිස්සියෙ මැරුණේ මේ නිසා, හේතුව ඇහුවොත් පුදුම වෙයි..වයසට යනවා කියලා මෙහෙම කරලා හරියනවද?

''ජුලි මස අවසන් වන විට E-8 වීසා කාණ්ඩය යටතේ පළමු කණ්ඩායම දකුණු කොරියාවට පිටත් කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා එරට ප්‍රාන්ත 04ක් සමග අවබෝධතා ගිවිසුම් අත්සන් කිරීමට අපි සූදානම්. මේ යටතේ වසරකට යැවිය හැකි උපරිම ශ්‍රමික සංඛ්‍යාව දකුනු කොරියාවේ සෘතුමය රැකියා සඳහා යොමුකිරීමට කටයුතු කරනවා. රජයෙන් පමණයි බඳවාගැනිම් සිදුකරන්නේ. පෞද්ගලික අංශයට ඒ සඳහා බඳවාගැනීමට අවසර නැහැ ''.

මේ අතර මෙම රැකියා පිළිබඳව විවිධ සමාජ මාධ්‍ය ජාලාවල සංසරණය වන අසත්‍ය තොරතුරු පිළිබඳව විශ්වාසය නොකරන ලෙසද ඔහු මෙහිදී ජනතාවගෙන් ඉල්ලා සිටියා.

මහා සංඝ රත්නයෙන් තාත්තා ඉල්ලුවා කියන ඉල්ලීම තනිකර බොරුවක්, නාමල්ගෙන් සැර කතාවක්

මහා සංඝ රත්නයෙන් තාත්තා ඉල්ලුවා කියන ඉල්ලීම තනිකර බොරුවක්, නාමල්ගෙන් සැර කතාවක්

"මේ රැකියා සඳහා මෙරට මෙන්ම දකුනු කොරියාවෙත් අසත්‍ය පුවත් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වෙනවා.මෙම රැකියා ක්ෂේත්‍රය රජය විසින් අතහැර දමා ඇති බවත් මෙය ක්‍රියාත්මක නොකරන බවටත් ඔවුන් විසින් ප්‍රචාරය කරනවා.අපි වගකිමෙන් කියනවා මෙය නතර කර නැහැ. විධිමත් නීත්‍යානුකූල ක්‍රමවේදයකට අනුගත කිරීමට පමණයි අපි තාවකාලිකව අත්හිටුව්වේ. කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලබාගෙන අවබොධතා ගිවිසුම අත්සන් කිරීමෙන් අප එය නීත්‍යනුකූල කරනවා"

එසේම මෙම රැකියාවලට පුද්ගලයන් බඳවාගැනීම සුදුසුකම් මත පමණක් විනිවිදභාවයෙන් යුතුව සිදුකරන බවද කෝෂල වික්‍රමසිංහ මහතා අවධාරණයෙන් යුතුව පවසා ඇත.

හිටපු ඇමති නිමල් සිරිපාලගේ නිවසේ සේවිකාවක් ජීවිතක්ෂයට

හිටපු ඇමති නිමල් සිරිපාලගේ නිවසේ සේවිකාවක් ජීවිතක්ෂයට

ඒ අනුව කිසිදු අතරමැදියෙකුට මුදල් දීමෙන් වැළකී සිටින මෙන් ද ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටියි.

එසේම මේ බඳවාගැනීම් හා සෑම තොරතුරක්ම ඉදිරියේදී ප්‍රසිද්ධ කිරීමට ද කටයුතු කරන බව සඳහන්.  

හිටපු ඇමති නිමල් සිරිපාලගේ නිවසේ සේවිකාවක් ජීවිතක්ෂයට

හිටපු ඇමති නිමල් සිරිපාලගේ නිවසේ සේවිකාවක් ජීවිතක්ෂයට

ReeCha