සුපිරි නිළිය හදිස්සියෙ මැරුණේ මේ නිසා, හේතුව ඇහුවොත් පුදුම වෙයි..වයසට යනවා කියලා මෙහෙම කරලා හරියනවද? [PHOTOS]

Report

ජනප්‍රිය ඉන්දීය නිළියක් සහ නිරූපිකාවක් වන ෂෙෆාලි ජරිවාලා ඉකුත් සිකුරාදා දින ජීවිතයෙන් සමු ගෙන ඇත්තේ හදිසියේ ඇති වූ හෘදයාබාධ තත්ත්වයක් නිසා බව පවසයි.

ඒ අනුව විදෙස් මාධ්‍ය ඇගේ අවසන් කටයුතු සෙනසුරාදා සවස මුම්බායි හිදී පවුලේ සමීප සාමාජිකයන් සහ මිතුරන් රැසක් එක්ව සිදු කළ බව වාර්තා කරයි.

ජපුරෙන් තීරණයක්, ආයේ බාහිර උපාධි හා විස්තාරිත පාඨමාලා නෑ

ජපුරෙන් තීරණයක්, ආයේ බාහිර උපාධි හා විස්තාරිත පාඨමාලා නෑ

කෙසේ වෙතත් නිළි ෂෙෆාලි ජරිවාලාගේ හදිසි මරණය පිළිබඳව සිදු කළ විමර්ශනයේදී ප්‍රධාන තොරතුරු කිහිපයක් මතුව ඇත.

ඒ අනුව වාර්තා වන්නේ සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශ, සාක්ෂි සහ මූලික අධිකරණ වෛද්‍ය තොරතුරු මත පදනම්ව පොලිසිය වැදගත් තොරතුරු රැස් කරගෙන ඇති බවයි.

එහිදී ෂෙෆාලි පසුගිය අවුරුදු හත-අට තිස්සේ නිතිපතා වයසට යාම වැළැක්වීමේ ඖෂධ ලබා ගෙන ඇති බව වාර්තා වේ.

එසේම ජුනි 27 වන දින නිවසේ පූජාවක් පැවති අතර, ඒ නිසා ෂෙෆාලි උපවාසයේ යෙදී සිටි ඇති අතර එසේ තිබියදීත්, ඇය එදිනම දහවල් වයසට යාම වැළැක්වීමේ ඖෂධ ලබාගෙන ඇත.

අඳාළ ඖෂධ වසර ගණනාවකට පෙර වෛද්‍යවරයෙක් ඇයට දුන් උපදෙස් මත ඇය සෑම මසකම ලබාගෙන ඇති බව සඳහන්.

හිටපු ඇමති නිමල් සිරිපාලගේ නිවසේ සේවිකාවක් ජීවිතක්ෂයට

හිටපු ඇමති නිමල් සිරිපාලගේ නිවසේ සේවිකාවක් ජීවිතක්ෂයට

ඒ අනුව ඉන්දීය මාධ්‍ය ප්‍රකාශ කළේ පොලිස් විමර්ශනයේදී, මෙම ඖෂධ හෘදයාබාධ ඇතිවීමට ප්‍රධාන හේතුවක් විය හැකි බවට හෙළිව ඇති බවයි.

ඉකුත් ජුනි 27 වන දින රාත්‍රී 10 ත් 11 ත් අතර කාල‍යේදී ෂෙෆාලිගේ සෞඛ්‍යය තත්ත්වය අහපත් වී සිරුර වෙව්ලන්නට පටන් ගෙන ඇය සිහිසුන් වී වැටී ඇත.

ඒ අනුව ඇයව වහාම රෝහලට ගෙන ගොස් තිබෙනවා.

එහෙත් ඒ වන විට ෂෙෆාලි, ඇගේ සැමියා වන පරාග්, මව සහ තවත් කිහිප දෙනෙක් නිවසේ සිට ඇති අතර පරීක්ෂණයේ කොටසක් වශයෙන් අධිකරණ වෛද්‍ය කණ්ඩායම නිවසින් විවිධ ද්‍රව්‍ය එකතු කරගෙන ඇති බව පවසයි.

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නිකුත් කරන දිනය මෙන්න

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නිකුත් කරන දිනය මෙන්න

එමෙන්ම ඔවුන් කියා සිටියේ වයසට යෑම වළක්වන පෙති, විටමින් අතිරේක සහ ආමාශයික පෙති ඇතුළු විවිධ ඖෂධ වර්ග අධිකරණ වෛද්‍ය කණ්ඩායම මඟින් එම නිවසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි.

එමෙන්ම දැනටමත් මෙම නඩුවේ පවුලේ සාමාජිකයන්, ගෘහ සේවිකාවන් සහ බෙල්වියු රෝහලේ වෛද්‍යවරුන් ඇතුළු පුද්ගලයින් 8 දෙනෙකුගේ ප්‍රකාශ පොලිසිය විසින් සටහන් කර ගෙන අවසන්.

අද ලග්න පලාපල – 2025 ජූනි 30 | අද ඔබේ ලග්නයෙන් ජීවිතය වෙනස් වෙයිද?

අද ලග්න පලාපල – 2025 ජූනි 30 | අද ඔබේ ලග්නයෙන් ජීවිතය වෙනස් වෙයිද?

GalleryGalleryGallery