තත්ත්වය දරුණු අතට හැරෙද්දී ඩුබායි හි සිටින බ්‍රිතාන්‍ය වැසියන් මුදාගැනීමට විශේෂ ගුවන් යානයක්

Report

මැදපෙරදිග කලාපයේ පවතින යුදගැටුම් හේතුවෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යය (UAE) තුළ රැඳී සිටින බ්‍රිතාන්‍ය වැසියන් ගෙන්වා ගැනීම සඳහා, බ්‍රිතාන්‍ය රජය ලබන සතියේ මුලදී විශේෂ ගුවන් යානයක් යෙදවීමට තීරණය කර ඇතැයි වාර්තා කරයි.

ඊයේ (07) දිනයේ ගුවන් ප්‍රහාරයක් අතරතුර පතිත වූ සුන්බුන් හේතුවෙන් එක් පුද්ගලයෙකු මියගොස් ඇති අතර, ඩුබායි ජාත්‍යන්තර ගුවන් තොටුපළ අසලට ඩ්‍රෝන් ප්‍රහාර එල්ල වීම, සහ ඩුබායි ගුවන් තොටුපළ අසළ පිපිරීම් සිදුවන අයුරු වීඩියෝ දර්ශනවල සටහන් වී ඇති බවද වාර්තා විය.

ඉරාන ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන් පවසන ලෙස, තම රටට ප්‍රහාරයක් එල්ල නොවන තුරු අසල්වැසි රටවලට ප්‍රහාර එල්ල නොකිරීමට ඔහු පොරොන්දු වෙයි.

නාවික හමුදා භාරයට ගත් බහුදින ධීවර යාත්‍රාවේ තවත් තොරතුරු එළියට - බිලියන ගාණක මත්ද්‍රව්‍ය

නාවික හමුදා භාරයට ගත් බහුදින ධීවර යාත්‍රාවේ තවත් තොරතුරු එළියට - බිලියන ගාණක මත්ද්‍රව්‍ය

කෙසේ වෙතත්, කටාර් රාජ්‍යය මගින් ද මිසයිල් සහ ඩ්‍රෝන් ප්‍රහාර වාර්තා වී තිබෙන බවද සඳහන් වේ. බ්‍රිතාන්‍ය විදේශ අමාත්‍යාංශය සඳහන් කරන්නේ, මේ වන විට 160,000කට වැඩි පිරිසක් එම කලාපයේ රැඳී සිටින බවය.

ඕමාන් හි මස්කට් නගරයෙන් දැනටමත් ගුවන් වාර දෙකක් බ්‍රිතාන්‍යයට පැමිණ ඇති අතර, තුන්වන යානය ඉරිදා දිනයේ පිටත්වීමට නියමිත බවද වාර්තා වේ.

පුළුවන්නම් එන්න කියන්න අපිට ඇමරිකා හමුදාව විනාශ කරන්න පුළුවන් - ඉරානෙන් ට්‍රම්ප්ට අභියෝගයක්

පුළුවන්නම් එන්න කියන්න අපිට ඇමරිකා හමුදාව විනාශ කරන්න පුළුවන් - ඉරානෙන් ට්‍රම්ප්ට අභියෝගයක්

විශේෂ ගුවන් යානය සඳහා ගාස්තුවක් අය කෙරෙයි. බ්‍රිතාන්‍ය ජාතිකයින්, ඔවුන්ගේ කලත්‍රයන් සහ වයස 18ට අඩු දරුවන් මෙම ගුවන් වාරයට ලියාපදිංචි විය හැකි අතර, හදිසි වෛද්‍ය අවශ්‍යතා සහිත පුද්ගලයින්ට ප්‍රමුඛතාවය හිමි වන බව වාර්තා කර තිබේ.