නාවික හමුදා භාරයට ගත් බහුදින ධීවර යාත්‍රාවේ තවත් තොරතුරු එළියට - බිලියන ගාණක මත්ද්‍රව්‍ය

Report

ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහතා සඳහන් කරන පරිදි, දකුණු මුහුදේ මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරන බවට සැක පිට ඇල්ලු බහුධින ධීවර යාත්‍රාව නාවික හමුදා භාරයට ගෙන, ඇති අතර එහි තිබූ මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් බිලියන 2.8කට ආසන්න බව පවසයි.

ඉරාන නෞකා ප්‍රශ්නයේදී ලංකාවේ ස්ථාවරය ගැන ඇමෙරිකාව ගත් තීරණය මෙන්න

ඉරාන නෞකා ප්‍රශ්නයේදී ලංකාවේ ස්ථාවරය ගැන ඇමෙරිකාව ගත් තීරණය මෙන්න

අදාළ යාත්‍රාව සහ මත්ද්‍රව්‍ය තොගය දික්ඕවිට වරායට රැගෙන ඒමෙන් පසු සිදුකළ පරීක්ෂා කිරීමේදී, එහි හෙරොයින් කිලෝ 103ක් සහ කොකේන් කිලෝග්‍රෑමයකට ආසන්න ප්‍රමාණයක් සොයාගෙන ආරක්ෂක අංශ භාරයට ගෙන තිබෙන බවට වාර්තා වේ.

ඒ අනුව අමාත්‍යවරයා පැවසුවේ,

“දැනට පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සහ ආරක්ෂක අංශය විසින් තහවුරු කළේ මුළු කිලෝග්‍රෑම් ප්‍රමාණය හෙරොයින් සහ කොකේන් ලෙස බවයි. හෙරොයින් 103 කිලෝග්‍රෑම් සහ කොකේන් කිලෝග්‍රෑමයකට ආසන්න ප්‍රමාණයක් තියෙනවා. ඒ වටිනාකම රුපියල් බිලියන 2.08ක් පමණයි. මේක විශාල ප්‍රමාණයක්. එමෙන්ම, මෙම සිද්ධියට සම්බන්ධ සැකකරුවන් 6 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙන අතර, නීතිය ක්‍රියාත්මක කරනු ලබනවා”

යනුවෙනි.

ඉරාන ගුවන් ප්‍රහාරයෙන් කුවේටයේ රාජ්‍ය ආයතනයක් ගිනිබත් වේ

ඉරාන ගුවන් ප්‍රහාරයෙන් කුවේටයේ රාජ්‍ය ආයතනයක් ගිනිබත් වේ