පුළුවන්නම් එන්න කියන්න අපිට ඇමරිකා හමුදාව විනාශ කරන්න පුළුවන් - ඉරානෙන් ට්‍රම්ප්ට අභියෝගයක්
ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි ඇමෙරිකානු මාධ්‍ය කිහිපයක් සමඟ සජීවී සම්මුඛ සාකච්ඡාවලට එක් වෙමින්, ඇමෙරිකාව විසින් එල්ල කරන ප්‍රහාර සහ එම තත්ත්වය පිළිබඳ ඉරානයේ ස්ථාවරය ගැන අදහස් පළ කළේය.
එහිදී එක් ඇමෙරිකානු නිවේදකයෙකු ප්‍රශ්න කර සිටියේ,
“යුද ගැටුම් උණුසුම් වෙමින් පවතිනවා. ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඔබට යටත් වෙන්නැයි කියනවා.ඉරානයට ගොඩබිම් ප්‍රහාරයක් එල්ල කිරීමට ඔහු සූදානම් බවටත් වාර්තා වෙනවා. මේ ගැන ඔබගේ ප්‍රතිචාරය කුමක්ද?”
යනුවෙනි. ඊට පිළිතුරු දුන් ඉරාන විදේශ අමාත්‍යවරයා සන්සුන්ව සඳහන් කළේ,
“එන්න කියන්න. ඇමරිකානු හමුදාව එනකල්ම අපි බලන් ඉන්නේ. ගොඩබිම් සටනකදී ඇමෙරිකානු හමුදාවට මුහුණ දීමට අපට ශක්තිය තිබෙන බව මට විශ්වාසයි”
යනුවෙනි.
එමෙන්ම, ඉරානය කිසිදු අවස්ථාවක යටත් වීමට සූදානම් නොවන බවත් ඔහු අවධාරණය කළේය.
“අප ගෞරවණීය ජාතියක්. අප කාගේවත් බලපෑම්වලට හෝ තර්ජනවලට යටත් වෙන්නේ නැහැ. අපට ගෞරව කරන අයට අපත් ගෞරව කරනවා. ඇමරිකාවට අපට කිසිම දෙයක් බල කිරීමේ හැකියාවක් නැහැ”
යැයි අබ්බාස් අරග්චි මහතා වැඩිදුරටත් සඳහන් කර තිබේ.