මේ පලාතේ සියලුම පාසල්වලට විශේෂ දැනුම්දීමක් - මේ විභාගය කල් දමයි ප්‍රශ්න පත්‍ර නොදීමට තීරණයක්
දකුණු පළාතේ පාසල්වල දෙවන වාර විභාගයට අදාළව අද (22) දින පැවැත්වීමට නියමිතව තිබූ 9 ශ්‍රේණියේ භූගෝල විද්‍යාව සහ පුරවැසි අධ්‍යාපනය යන විෂයයන්ට අදාළ ප්‍රශ්න පත්‍රය අද දින ලබා නොදීමට දකුණු පළාත් අධ්‍යාපන බලධාරීන් තීරණය කර තිබේ.
ඒ අනුව අද දින පැවැත්වීමට නියමිතව තිබූ එකී විභාගය එළඹෙන ජුලි මස 24 වන දින පැවැත්වීමට කටයුතු යොදා ඇති බව දකුණු පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයා විශේෂ නිවේදනයක් නිකුත් කරමින් දැනුම් දෙයි.
මෙම ප්‍රශ්න පත්‍රය මුද්‍රණය කිරීමේදී ඇති වූ තාක්ෂණික ප්‍රමාදයක් හේතුවෙන්, නියමිත වේලාවට ප්‍රශ්න පත්‍ර කොට්ඨාස අධ්‍යාපන කාර්යාල වෙත යොමු කිරීමට නොහැකි වීම මෙම තීරණය ගැනීමට ප්‍රධාන හේතුව වී තිබේ.
විභාගය කල්දැමීමේ මෙම තීරණය සම්බන්ධයෙන් දකුණු පළාතේ පිහිටි සියලුම කලාපීය විදුහල්පතිවරුන් දැනටමත් දැනුවත් කිරීමට අධ්‍යාපන දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත.