දෙමාපියන්ට සහ පාසල් සිසුන්ට සුබ ආරංචියක් - දීමානාවක් වහාම ලබා දෙන්නයැයි ජනපතිගෙන් නියෝග
'දිට්වා' සුළි කුණාටුව හේතුවෙන් දෙමව්පියන් අහිමි වූ දරුවන් රැකබලා ගැනීම වෙනුවෙන් වෙන් කෙරුණු මාසික දීමනාව කිසිදු ප්‍රමාදයකින් තොරව කඩිනමින් ලබාදීමට පියවර ගන්නා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබේ.
කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශයේ 2026 වර්ෂයට අදාළ අයවැය ප්‍රතිපාදන මඟින් ක්‍රියාත්මක ව්‍යාපෘතිවල ප්‍රගතිය සමාලෝචනය කිරීම සහ 2027 අයවැය යෝජනා පිළිබඳ පැවැති විශේෂ සාකච්ඡාවකදී ජනාධිපතිවරයා මෙම කරුණු අවධාරණය කළේය.
හැඳුනුම්පත් නොමැති සියලුම සා.පෙළ සිසුන්ට විභාග දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක් - අයදුම් නොකෙරූ අයට විශේෂ චාන්ස් එකක්
මෙහිදී වීදි ළමුන් සඳහා වන ජීවන වියදම් දීමනාව, ගර්භණී මව්වරුන්ගේ පෝෂණීය ආහාර දීමනාව, පෙරපාසල් ළමුන්ගේ උදෑසන ආහාර වැඩසටහන සහ පෙරපාසල් ගුරුවරුන් සඳහා වන 'ගුරු අභිමානී' දීමනාව ඇතුළු සුබසාධන ව්‍යාපෘති රැසක වත්මන් තත්ත්වය පිළිබඳව ද දීර්ඝ ලෙස විමසා බලා ඇත.
විශේෂයෙන්ම ගර්භණී මව්වරුන්ගේ පෝෂණය වෙනුවෙන් ලබාදෙන දීමනා නිසි අධීක්ෂණයක් යටතේ ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව මෙන්ම ජාතික ළමා ආරක්ෂක අධිකාරිය හරහා සමාජයේ අනාරක්ෂිත දරුවන් හඳුනාගෙන මුදාගැනීමේ වැඩසටහන් ශක්තිමත් කිරීම පිළිබඳව ද මෙහිදී අවධානය යොමු විය.
මේ අතර, ධුර කාලය අවසන් වීමෙන් පුරප්පාඩු වී පැවැති මුදල් කොමිෂන් සභාව සඳහා නව සභාපතිවරයෙකු ඇතුළු සාමාජිකයින් පත් කිරීමට ද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පියවර ගෙන තිබේ.
ඒ අනුව මුදල් කොමිෂන් සභාවේ නව සභාපතිවරිය ලෙස එන්.ආර්. අනීස් මහත්මිය පත්කර ඇති අතර, එහි සෙසු සාමාජිකයින් ලෙස ජේ.එම්.සී.ජේ. විජේතුංග මහතා සහ කේ. කරුණාහරන් මහතා පත්කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් නිවේදනය කරයි.