යුද්ධයක් ඇති කරලා රට අල්ලන්න හැදූ රහස් සැලසුම අහුවේ - හිටපු ජනාධිපතිට තවත් වසර 30ක සිර දඬුවමක්
දකුණු කොරියානු අධිකරණයක් විසින් හිටපු ජනාධිපති යූන් සුක්-යොල් ට (Yoon Suk-yeol) වසර 30ක සිර දඬුවමක් නියම කර තිබේ.
2024 ඔක්තෝබර් මාසයේදී යූන් සුක්-යොල් සහ හිටපු ආරක්ෂක අමාත්‍ය කිම් යොං-හියුන් විසින් උතුරු කොරියාවේ අගනුවර වන පියොංයැං වෙත රහසිගතව හමුදා ඩ්‍රෝන යානා යවා පත්‍රිකා හෙළීමට නියෝග කර ඇති බව විමර්ශනවලදී අනාවරණය වී ඇත.
මෙම සැලැස්මේ අරමුණ ලෙස උතුරු කොරියාව කුපිත කර දකුණු කොරියාවට ප්‍රහාරයක් දියත් කිරීමට ප්‍රවේශයක් සකස් කිරීම යොදාගෙන ඇති බවද අධිකරණය තහවුරු කර තිබේ.
ට්‍රම්ප්ගේ 'සාම ගිවිසුම' ඉරානය කුඩුපට්ටම් කරයි - "අපි රතු රේඛා පාවා දෙන්නේ නෑ" - ඉරානයෙන් තද ප්‍රකාශයක්
එමඟින් රට තුළ හදිසි තත්ත්වයක් ඇති කර පාර්ලිමේන්තුව අත්හිටුවමින් ඒකාධිපති පාලනයකට මග පාදන යුද නීතියක් පැනවීම මෙම කුමන්ත්‍රණයේ අරමුණ වූ බවද නඩු තීන්දුවේ සඳහන් වේ.
2024 දෙසැම්බර් මාසයේදී පැය 6ක් සඳහා අත්තනෝමතික ලෙස යුද නීතිය පැනවීම සහ පාර්ලිමේන්තුව අත්හිටුවීමට උත්සාහ කිරීම සම්බන්ධයෙන් රාජද්‍රෝහී චෝදනාව යටතේ ඔහුට පෙබරවාරි මාසයේදී ජීවිතාන්තය දක්වා සිර දඬුවමක් ද නියම කර තිබුණි.
මෙම නව ඩ්‍රෝන නඩුවේ තීන්දුව අනුව යූන් සුක්-යොල්ට වසර 30ක සිර දඬුවමක් නියම වී ඇති අතර, හිටපු ආරක්ෂක අමාත්‍ය කිම් යොං-හියුන්ට වසර 25ක සිර දඬුවමක් නියම කර ඇත.