ලෝකයම හොල්ලමින් ඉන්දියාවෙ ඩීසල් අලෙවිය සීමා කරයි - ලංකාවටත් බලපෑමක්?
By Malith Madushan
මැදපෙරදිග පවතින අර්බුදකාරී තත්ත්වය හේතුවෙන් ලෝක බොරතෙල් සැපයුමට බාධා එල්ල වී ඇති අතර, ඒ අනුව ඉන්දියාව සිය ඉන්ධන වෙළඳපොළ තුළ සීමාකිරීම් කිහිපයක් හඳුන්වා දී ඇති බව Bloomberg වාර්තා කරයි.
ඒ අනුව බොරතෙල් සැපයුම් දින 90ක කාල සීමාවකට සීමා කිරීමට ඉන්දියාව පියවර ගෙන ඇති බව සඳහන් වේ.
අර්බුදකාරී තත්ත්වය හේතුවෙන් ඉන්දියාවේ ඩීසල් අලෙවිය සීමා කිරීමේ ක්‍රියාමාර්ග ද ගෙන ඇති බව එම වාර්තාවල වැඩිදුරටත් සඳහන් වේ.
රට තුළ ඇතිවී ඇති සැපයුම් හිඟය සහ ගෝලීය තෙල් මිල හා සැපයුම් අස්ථාවරතාවය මෙම තීරණවලට ප්‍රධාන වශයෙන් බලපා ඇති බව ද වාර්තා කරයි.
ඊට අමතරව, රජය සම්බන්ධිත මුල්‍ය ආයතනවලට ලැබෙන අලාභයන් සහ වෙළඳපොළ තුළ පවතින පීඩනයද ඉන්දියාවේ ඉන්ධන අංශය අර්බුදයකට මුහුණ දීමට හේතු වී ඇති බව විශ්ලේෂකයන් පෙන්වා දෙයි.