ට්‍රම්ප්ගේ 'සාම ගිවිසුම' ඉරානය කුඩුපට්ටම් කරයි - "අපි රතු රේඛා පාවා දෙන්නේ නෑ" - ඉරානයෙන් තද ප්‍රකාශයක්

Report

පසුගිය මාස තුනක කාලය තුළ ඇමරිකා එක්සත් ජනපදය සහ ඉරානය අතර පවතින ආතතිමය තත්ත්වය තවදුරටත් උග්‍ර වෙමින් පවතින බව වාර්තා වේ.

අප්‍රේල් 8 වැනිදා සිට ක්‍රියාත්මක වූ තාවකාලික සටන් විරාමය තිබුණද, ස්ථිර සටන් විරාමයක් පිළිබඳව තවමත් පැහැදිලි එකඟතාවක් නොමැත.

මේ අතර හෝමූස් සමුද්‍ර සන්ධිය ආසන්නයේදී තම හමුදා නිරීක්ෂණ හෙලිකොප්ටරයක් බිම හෙළීමේ සිද්ධියට ප්‍රතිචාරයක් ලෙස ඇමරිකා එක්සත් ජනපදය ඉරානයට එරෙහිව නව ප්‍රහාරයක් දියත් කර ඇති බව වාර්තා වේ.

පසුගිය දින කිහිපය තුළද දෙපාර්ශ්වය අතර ප්‍රහාර අඛණ්ඩව සිදුවෙමින් පවතින අතර, මැද පෙරදිග සහ ඊශ්‍රායලයේ ඇති ඇමරිකානු හමුදා කඳවුරු වෙත ඉරානය විසින් ප්‍රතිප්‍රහාර එල්ල කර ඇති බව සඳහන් වේ.

ඉරාන - ඇමරිකා යුද්ධය නතර වෙයි - ට්‍රම්ප්ගෙන් ලෝකයටම හදිසි නිවේදනයක්

ඉරාන - ඇමරිකා යුද්ධය නතර වෙයි - ට්‍රම්ප්ගෙන් ලෝකයටම හදිසි නිවේදනයක්

ඊයේ රාත්‍රියේදී, ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඉරානයට එල්ල කිරීමට නියමිතව තිබූ ප්‍රධාන ප්‍රහාරයක් අවලංගු කර ඇති අතර, එය ඉදිරියේදී ක්‍රියාත්මක විය හැකි බවද වාර්තා විය.

එමෙන්ම ධවල මන්දිරයේදී මාධ්‍යවේදීන් අමතමින් ජනාධිපති ට්‍රම්ප් ප්‍රකාශ කළේ, ඉරාන රජය සමඟ “ඓතිහාසික සාම ගිවිසුමක්” සකස් කරමින් පවතින බවත්, එය ඉදිරි දින කිහිපය තුළ යුරෝපයේදී විධිමත් ලෙස අත්සන් කිරීමට නියමිත බවත්ය. එම ගිවිසුම මගින් හෝමූස් සමුද්‍ර සන්ධිය නැවත නැව් ගමනාගමනය සඳහා විවෘත කරන බවද ඔහු සඳහන් කළේය.

තවද, එම ගිවිසුම මගින් ඉරානයට න්‍යෂ්ටික අවි සංවර්ධනය කිරීම කිසිවිටෙකත් නොහැකි වන බවට සහතිකයක් ලැබෙන බවද ට්‍රම්ප් ප්‍රකාශ කර තිබේ.

ඒ අතරතුර, ට්‍රම්ප් විසින් Truth Social සමාජ මාධ්‍යයේ සටහනක් තබමින් කියා සිටියේ ඉරානයේ උත්තරීතර නායක මොජ්තාබා කමේනි විසින් මෙම ගිවිසුම අනුමත කර ඇති බවත්, ඒ අනුව ප්‍රහාර නවතා දැමීමට තීරණය කර ඇති බවත්ය.

කෙසේ වෙතත් ඉරානය මෙම ප්‍රකාශ තරයේ ප්‍රතික්ෂේප කර තිබේ. ඉරාන විදේශ අමාත්‍යාංශය ප්‍රකාශ කළේ ගිවිසුම සම්පූර්ණයෙන් සූදානම් බවට පළවන වාර්තා “අසත්‍ය සහ අනුමාන” බවයි.

ඉරාන රාජ්‍ය රූපවාහිනියට අදහස් දක්වමින් විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක එස්මයිල් බගයිකි පැවසුවේ, සාකච්ඡා පාඨයේ කොටසක් අවසන් වී තිබුණද, ඇමරිකා එක්සත් ජනපදය නිතරම ස්ථාවර වෙනස් කරමින් නව සහ අසාධාරණ කොන්දේසි ඉදිරිපත් කිරීමට උත්සාහ කරන බවයි.

“ඉරානය කිසිම අවස්ථාවක තම රතු රේඛා පාවා නොදෙනු ඇත. ඉහළ මට්ටමේ තීරණ ගැනීමේ ආයතන තවමත් කිසිදු අවසන් එකඟතාවක් ලබා දී නොමැත” යනුවෙන් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

ශ්‍රී ලංකන් ගුවන් සේවය බේරාගන්න කැබිනට් මණ්ඩලයෙන් හදිසි පියවරක්

ශ්‍රී ලංකන් ගුවන් සේවය බේරාගන්න කැබිනට් මණ්ඩලයෙන් හදිසි පියවරක්