“දිය ඇල්ල ළඟ දරුවෙකු වඩාගෙන සිටියදී දැවැන්ත සර්පයෙක් උරහිසට වැටෙයි'' - අම්බෝලි දිය ඇල්ලේ සංචාරකයාගේ කැමරාවේ සටහන් වූ බියකරු දසුන[VIDEO]
ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ ජනප්‍රිය අම්බෝලි දිය ඇල්ල නැරඹීමට පැමිණි පිරිසක් අතර අනපේක්ෂිත සිදුවීමක් හේතුවෙන් දැඩි නොසන්සුන්තාවක් ඇතිව තිබේ. දිය ඇල්ල ආසන්නයේ ගමන් කරමින් සිටි පුද්ගලයෙකු කුඩා දරුවෙකු වඩාගෙන සිටියදී, ඉහළින් සිටි දැවැන්ත සර්පයෙකු ඔහුගේ උරහිස මතට වැටී ඇති බව වාර්තා වේ.
සිද්ධිය සංචාරකයෙකු විසින් වීඩියෝගත කර ඇති අතර, එම දර්ශන මේ වනවිට සමාජ මාධ්‍ය ඔස්සේ වේගයෙන් පැතිර යමින් තිබේ. වීඩියෝ දර්ශනවල දැක්වෙන්නේ දරුවා වඩාගෙන සිටින පුද්ගලයා තෙත් සහ ලිස්සනසුලු භූමියක් හරහා ගමන් කරන ආකාරයයි.
එම අවස්ථාවේදී ඉහළින් ඇද වැටුණු සර්පයා ඔහුගේ උරහිස මතට වැටී තිබේ. අනපේක්ෂිත සිදුවීමෙන් පසු සර්පයා ඉක්මනින් එම ස්ථානයෙන් ඉවත් වී ගල් අතර ඇති කුඩා හිඩැස්වලට රිංගා ගොස් ඇති අතර, පසුව එය එම ප්‍රදේශයෙන් ඉවත්ව ගිය බව සඳහන් වේ.
සිද්ධිය දුටු පිරිස බියට පත්ව කෑගසමින් එම ස්ථානයෙන් ඉවත්වන අයුරුද වීඩියෝවේ දැකගත හැකිය. වීඩියෝවේ සිටින පුද්ගලයෙකු එය නාගයෙකු බව පවසන නමුත්, සර්පයාගේ විශේෂය මෙතෙක් නිශ්චිතව තහවුරු කර නොමැත.
මහාරාෂ්ට්‍රයේ සිඳුදුර්ග් දිස්ත්‍රික්කයේ සහ්‍යාද්‍රි කඳුකරයේ පිහිටි අම්බෝලි දිය ඇල්ල වර්ෂා සමයේදී සංචාරකයන් විශාල පිරිසක් පැමිණෙන ස්ථානයකි. වර්ෂා සමයේදී මෙවැනි ස්ථානවල වන සතුන් සැඟවී සිටිය හැකි බැවින්, ඝන වෘක්ෂලතා, ගල් අතර හිඩැස් සහ ලිස්සනසුලු ප්‍රදේශ ආසන්නයේදී විශේෂ අවධානයෙන් කටයුතු කරන ලෙස සංචාරකයන්ට උපදෙස් ලබාදී තිබේ.
Snake Falls From Above at Amboli Waterfall, Narrowly Missing Child in Viral Video A video from Amboli waterfall in Maharashtra has gone viral after a snake suddenly fell from above, landing very close to a man carrying a small child, sending visitors into a screaming panic. Social media users are divided over whether it was a cobra or a common krait, but reports say no one was injured. The clip has reignited debate on the risks of visiting slippery, wildlife-prone waterfall areas with young children, especially during monsoon season. #AmboliWaterfall #ViralVideo #SnakeAlert #Maharashtra #TravelSafety For more updates, visit Digital Prime News → https://t.co/HIFLeNpXJi
— Digital Prime News (@DigiPrimeNews) September 14, 2026