තෙල් හිඟය ගැන නිහඩව සිටි තෙල් පිරවුම්හල් හිමියන් කට අරියි
මැදපෙරදිග කලාපයේ ඇතිව තිබෙන යුදමය තත්ත්වය හමුවේ ශ්‍රී ලංකාවේ ඉන්ධන හිඟයක් ඇතිවේයැයි ජනතාව තුළ සැකයක් මතුව තිබුණද රටේ බහුතරයක් වූ ඉන්ධන පිරවුම්හල්වල ප්‍රමාණවත් පරිදි ඉන්ධන තිබෙන බව පිරවුම්හල් හිමියෝ සදහන් කර තිබේ.
තවද ඔවුන් සදහන් කර්න්නේ පෙරේදා (01) සහ ඊයේ (02) දිනවල නිවාඩු දිනයන් වුවත් තම පිරවුම්හල්වලට ඩීසල්, පෙට්‍රල් රැගත් ඉන්ධන බවුසර් කිහිපයක්ම පැමිණි බවයි.
ඉන්ධනහල් හිමියන් පවසන්නේ දැනට ඉන්ධන හිඟයක් නොමැති බවත් ලැබෙන පරිදි සාමාන්‍ය ලෙස ඉන්ධන නිකුත් කරන බවත් සදහන් කර තිබේ.
ඉරානේ ලෝකෙන්ම දරුණුවට පළි ගන්න සූදානමක් - හෝමූස් සමුද්‍ර සන්ධිය වසා ඒ හරහා ගියොත් පහරදෙන බවට අනතුරු අඟවයි
තවද ඇතැම් ඉන්ධන පිරවුම්හල්වල ඉන්ධන නැතැයි සඳහන් දැන්වීම් දමා තිබූ අයුරු දැකගත හැකි විය ඒ වගේම ඇතැම් ඉන්ධන පිරවුම්හල් වසා දමා තිබෙන අයුරු දක්නට ලැබේ.
තෙල් හිඟයක් ඇතිවේ යැයි බියට පත්ව ජනතාව සිය බස් රථ, ලොරි, වෑන් රථ මෙන්ම මෝටර් රථ ද, යතුරුපැදි, ත්‍රිරෝද රථ ද රැගෙන ඉන්ධන පිරවුම්හල් අසල දිගු පෝලිම්වල රැඳී සිටිනු දක්නට ලැබිණි.