ඖෂධ හිඟය ඔය කියන තරම් නෑ - නියෝජ්‍ය ඇමති කියයි

Ministry of Health Sri Lanka Hospitals in Sri Lanka Medicines Sinhala news
By Hashan May 25, 2025 06:57 AM GMT
Hashan

Hashan

Report

සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතා විසින් මෙරට රෝහල් තුල පවතින ඖෂධ හිඟය සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් සිදු කර තිබෙනවා.   

මේ වන විට රෝහල් තුළ ඖෂධ වර්ග 180ක් හිඟ බවට පැවසුව ද සත්‍ය වශයෙන් රෝහල්වල හිඟව පවතින්නේ ඖෂධ වර්ග හතලිස් ගණනක් බව නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කර සිටියා. 

කෙසේ වෙතත් මෙම තත්වය පිළිබද වැඩිදුරත් අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතා,

"අපිත් කියනවා ඖෂධ හිඟයක් තියෙනවා. ඒ්ක අවුරුදු ගණනාවක් තිස්සේ තියෙන එකක්. ආර්ථික ප්‍රශ්න ආවට පස්සේ ඖෂධ හිඟය තවත් වැඩි වුණා. ඒ් තදබදය තාම තියෙනවා. ඒ්ක නිසා අපේ සැපයුම් ජාලයේ වරින්වර දුර්වලතා ඇති වෙයි.

ප්‍රවීණ ගායිකාවක් අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ ගායිකාවක් අභාවප්‍රාප්ත වෙයි

සාමාන්‍යයෙන් ඖෂධ වර්ග 150ත් 180ක වගේ හිඟ තාවයක් ඇතිවෙනවා. ඒ්ක අපි පිළිගන්නවා.  මුළු ලංකාවේ ම නෙමෙයි ඒ් හිඟ තාවය ඇතිවෙන්නේ අපේ ප්‍රධාන ගඩාව තුළ. මේකට හේතුව තමයි ලංකාවට බෙහෙතක් ආපූ ගමන් බලන්නේ ඒක පුළුවන් තරම් ඉක්මනට බෙදලා දාන්න තමයි.  රෝහල් මට්ටමින් ගත්තාම ඒ් හිඟ තාවය තියෙන්න ඖෂධ හතලිස් ගාණක් විතර.  අපි කිසිම දෙයක් වහලා නෑ. ඔය 180 කියන්නේ අපේ දත්ත පද්ධතියේ පෙන්නවන දේ ඒ් ඖෂධ හතලිස් ගණනම මිලදී ගන්න ඉතාමත්ම ලොකු මුදල් ප්‍රමාණයක්."

එන්න එන්නම රෝගීන් වැඩිවෙයි..ප්‍රවේශම් වන්න

එන්න එන්නම රෝගීන් වැඩිවෙයි..ප්‍රවේශම් වන්න

"පසුගිය වසරේ සියලුම ඖෂධ මිලදී ගැනීමට අපි යොමු කළ මුදලටත් වඩා වැඩි මුදලක් අපි යොමු කරලා තියෙනවා ප්‍රාදේශීය මිලදී ගැනීම් සඳහා. අපේ ප්‍රධාන ඖෂධ ගබඩාවේ තියෙන ඖෂධයක් වුණත් අනාගතයේ දී හිඟ වෙන්න පුළුවන්නම් රෝහල් බලධාරීන්ට පුළුවන් ඒ් මිලදී ගැනීම කරන්න.  එහෙම ක්‍රියාත්මක වුණොත් ඖෂධ හිඟ කියන කතා එන්නේ නැහැ."

"මේ තියෙන ප්‍රශ්නය විසඳන්න පුළුවන් ක්‍රමය තමයි මධ්‍යම බෙහෙත් ගබඩාව තුළ ආරක්ෂිත තොගයක් පවත්වාගෙන යාම.  සැපයුම් අඩාලවීම, ටෙන්ඩර් ක්‍රම අඩාවීම, ඒ් නිසා ඇතිවන ප්‍රශ්න විසඳන්න පුළුවන් මධ්‍යම ගබඩාව තුළ ආරක්ෂිත තොගයක් පවත්වාගෙන යෑම. අපි රජයට යෝජනා කරලා තියෙනවා ඇමතිවරු විදිහට මාස තුනත් හයත් අතර ආරක්ෂිත තොගයක් ලබාදෙන්න කියලා ඉක්මන් මිලදී ගැනීමයක් හැටියට. ඒ්ක ඉතාමත්ම නීත්‍යානූකූල විදිහට කරන්න. ඒ අල්ලගෙන තමයි කියන්නේ අපි බාල බෙහෙත් ගේන්න යනවා කියලා." 

රෝහල්වල වෛද්‍ය උපකරණත් හිඟයිලු

රෝහල්වල වෛද්‍ය උපකරණත් හිඟයිලු

ReeCha