මේ ව්දිහට බඩු වික්කොත් ලක්ෂ ගාණක දඩයක්
මාතලේ නාලන්ද ප්‍රදේශයේ පිහිටි වෙළඳසැලක කිරී සම්බා සහල් අධික මිලකට විකිණීම සහ ඒ වෙනුවට “ලංකා බාස්මති” නමින් ව්‍යාජ බිල්පත් නිකුත් කිරීමේ සිදුවීමක් සම්බන්ධයෙන් පාරිභෝගික කටයුතු අධිකාරිය නීතිමය පියවර ගෙන තිබේ.
අදාළ වෙළඳසැලට එරෙහිව නඩු පැවරූ,අතර නාවුල මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ව්‍යාපාරිකයා විසින් වරද පිළිගෙන ඇත.
ඒ අනුව ඒ පිළිබඳව සලකා බැලීමෙන් අනතුරුව, මහේස්ත්‍රාත්වරයා අද (16) දින එම වෙළඳසැල හිමිකරුට රුපියල් 110,000ක දඩ මුදලක් පැනවීමට නියෝග කළේය.