ඇවෙන්රා බත්වල පණුවෝ හිටිය කියන එක ඇත්ත, හෝටල් පාලනාධිකාරිය නෑ කියයි - නුවන්ගි නැවත ශපථ කරයි

Report

මීගමුවේ ඇවෙන්රා ගාර්ඩ්න්ස් හෝටලයේ කීර්ති නාමයට හානි කිරීමට හිතාමතාම සිදුකරන මඩ ප්‍රහාර ඇතුළු ක්‍රියාවන්හි වගකිවයුත් පුද්ගලයන්ට එරෙහිව නීතිමය පියවර ගෙන ඇති බව හෝටල් පාලනාධිකාරිය නිවේදනයක් නිකුත් කරමින් දැනුම් දී තිබේ.

එම නිවේදනයේ සඳහන් වන්නේ, මෙම ක්‍රියාවන්ට සම්බන්ධ පාර්ශ්වයන්ට එරෙහිව කටාන පොලිසියට සහ කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) පැමිණිලි ඉදිරිපත් කර ඇති බවයි.

පසුගිය දිනක පැවැති මංගල උත්සවයකදී සපයන ලද බත් තුළ පණුවකු සිටි බවට සමාජ මාධ්‍යවල සංසරණය වන වීඩියෝව සම්බන්ධයෙන් හෝටලය පවසන්නේ, එය කිසිදු සාක්ෂියක් හෝ තහවුරු කිරීමක් නොමැතිව, ජංගම දුරකථනයක් මගින් පෙන්වන ලද තහවුරු නොකළ ඡායාරූපයක් මත පදනම් වූ බොරු චෝදනාවක් බවයි.

එම වීඩියෝවේ පෙනී සිටින රංගන ශිල්පිනී නුවංගි ලියනගේ මහත්මිය සම්බන්ධ කරගත් විට ඇය ප්‍රකාශ කළේ, සිදුවීම බොරුවක් නොවන බවයි. කෙසේ වෙතත්, දැන් මේ පිළිබඳව විස්තරාත්මක ප්‍රකාශයක් කිරීමට නොහැකි බවත්, එය නීතිමය ප්‍රශ්නයක් බවට පත්ව ඇති බවත් ඇය සඳහන් කළාය.

 මීට පෙර දෙසැම්බර් මාසයේදී ඇවෙන්රා ගාර්ඩ්න්ස් හෝටලයේ පැවැති සාදවලට සහභාගී වූ අමුත්තන් රැසකට ආහාර විෂ වීම් සිදුවීම් වාර්තා වී තිබේ.

කෙසේවුවද, මේ සම්බන්ධයෙන් අප ශ්‍රී ලංකා මිරර් අදාළ විඩියෝවේ පෙනී සිටින රංගන ශිල්පිනියක වන නුවන්ගි ලියනගේ මහත්මිය දුරකථනය ඔස්සේ සම්බන්ධ කරගත් අතර ඇය කියා සිටියේ

“ඒක බොරුවක් නෙවෙයි, නමුත් දැන් මට මේ වෙලාවේ ප්‍රකාශයක් කරන්න බැහැ…හේතුව අපි ඒකට ඇක්ෂන් එකක් ගන්න ඕන නිසා…මේක නීතිමය ප්‍රශ්නයකට හැරෙනවා නේ…දෙපැත්ත ගහගන්න එක නෙවෙයි.. මොකක්හරි සාධරණයක් වෙන්න ඕනනේ..ඒගොල්ලන්ටත්…අපිටත් දෙකටම…බොරුවක් නෙමෙයි මේක..මම හදපු බොරුවක් නෙවෙයි…මගෙ පිඟානෙත් නෙවෙයි හිටියේ වෙන කෙනෙකුගේ පිඟානේ…ඒක ඇත්තක් ඒක බොරු කියල…ඒ ගොල්ලෝ ඔප්පු කරන්න එපැයි…ඒගොල්ලන්ගේ CCTV ඔක්කොම තියෙනවනේ…අපි එළියෙන් ගෙනාවනම් හොටේල් එකේ තියෙන්න ඕනනේ…CCTV ඔක්කොම…එළියෙන් ගෙනල්ල දානවනම් මුළු වෙඩින්එක ගියේ හෝල් එකක් ඇතුලේ එකෙ ඔක්කොම ඒ ගොල්ලෝන්ගේ ඇතිනේ කැමරාස් හයිකරලා..එතකොට ඒක එගොලන්ටත් ඔප්පු කරන්න පුලුවන් වෙන්න ඕන.පණුවෝ හිටිය කියන එක ඇත්ත..මට ඊට වැඩිය දෙයක් දැනට කියන්න බැහැ.”

මේ අතර ඇවෙන්රා පාලන අධිකාරියේ නිවේදනය නිකුත් කළ ඔවුන්ගේ හෝටලයේ නිල ෆේස්බුක් පිටුවේ නිවේදනයට ප්‍රතිචාර දක්වමින් ඇතැම් අය මෙසේද සිය ප්‍රතිචාර දක්වා තිබිණි.   


GalleryGalleryGallery