මේ පැති තවත් අවදානම් - නායයෑම් අනතුරු ඉදිරියටත්
භූගෝලීය තත්ත්ව සහ වර්ෂාපතනයේ පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින්, මීට පෙර නිකුත් කර තිබූ නායයෑම් හා ගංවතුර අනතුරු ඇඟවීම් යාවත්කාලීන කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින්තීරණය කර ඇත.
අදියර 2ක යටතේ, මීට පෙර නිකුත් කළ රතු නිවේදන ඉවත් කරමින්, දිස්ත්‍රික්ක 3ක, ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 25කට විශේෂ අවධානයක් ලබා දීමට නිවේදනය කර ඇත.
එහිදී මහනුවර දිස්ත්‍රික්කය සඳහා ගඟ ඉහළ කෝරළය, පූජාපිටිය, උඩපළාත, කුන්ඩසාලේ, ගඟවට කෝරළය, දෙල්තොට, මැදදුම්බර, මිනිපේ, පන්විල, දොළුව, යටිනුවර, හාරිස්පත්තුව, අකුරණ, පාතදුම්බර, තුම්පනේ, හාරිස්පත්තුව, පස්බාගේ කොරළය, උඩනුවර, උඩුදුම්බර, පාතහේවාහැට, කුරුණෑගල දිස්ත්‍රික්කයේ රිදීගම, නුවරඑළිය දිස්ත්‍රික්කයේ හඟරක්කෙත, වලපනේ, මතුරට, නිට්ටඹුව යන ප්‍රදේශවල විශේෂ අවධානයෙන් සිටීමට උපදෙස් දී ඇත.
එසේම, අදියර 1 යටතේ බදුල්ල දිස්ත්‍රික්කයේ ඌව පරණගම, බදුල්ල, හාලිඇළ, මීගහකිවුල, හල්දුම්මුල්ල, කන්දෙකැටිය, පස්සර, සොරණාතොට, ඇල්ල, වැලිමඩ, ලුණුගල, බදුල්ල; කුරුණෑගල දිස්ත්‍රික්කයේ මල්ලවපිටිය, පොල්ගහවෙල, මාවතගම, අලව්ව; මාතලේ දිස්ත්‍රික්කයේ උකුවෙළ, රත්තොට, මාතලේ; නුවරඑළිය දිස්ත්‍රික්කයේ කොත්මලේ, අඹගමුව කෝරළය, නෝර්වුඩ් සහ තලවකැලේ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා විමසිලිමත් ව සිටීම අවශ්‍ය බව දැනුම් දී තිබේ.