දෙවිනුවර, ගන්දර ප්‍රදේශයේ වෙඩි තැබීමක් - ගෙදරටම ඇවිත් වෙඩි තියලා
දෙවිනුවර, ගන්දර ප්‍රදේශයේ පිහිටි නිවසකට අද (22) අලුයම අලුත් වෙඩි ප්‍රහාරයක් එල්ල වී ඇති බව ගන්දර පොලීසිය පවසයි.
මෝටර් රථයකින් පැමිණි නාඳුනන පිරිසක් විසින් පිස්තෝල වර්ගයේ ගිනිඅවියකින් මෙම වෙඩි තැබීම සිදුකර වහාම ප්‍රදේශයෙන් පලාගොස් තිබේ.
සිද්ධිය වන අවස්ථාවේ නිවසේ පිරිස සිට ඇති අතර, එල්ල වූ වෙඩි ප්‍රහාරයෙන් කිසිදු පුද්ගලයෙකුට හානියක් හෝ තුවාලයක් සිදුව නොමැති බව පොලීසිය වැඩිදුරටත් තහවුරු කරයි.
ගන්දර පොලිස් වසමට අයත් ඒදණ්ඩ පාර, දෙවිනුවර ප්‍රදේශයේ පිහිටි ධීවර කටයුතුවල නිරත පුද්ගලයෙකුට අයත් නිවසක් ඉලක්ක කරගනිමින් මෙම වෙඩි තැබීම සිදුකර ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් සහ වෙඩි තැබීමට යොදාගත් මෝටර් රථය සොයා ගන්දර පොලීසිය මඟින් විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබේ.