හිටපු මන්ත්‍රී ශාන්ත මුදුන්කොටුව ඝාතනයේ සැකකාර වෙඩික්කරු අත්අඩංගුවට
Sri Lanka Politician
Death
Law and Order
Murder
Breaking News
By Kaushi
හෝමාගම ප්‍රාදේශීය සභාවේ හිටපු සභිකයෙකු වූ ශාන්ත මුදුන්කොටුව වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධියේ සැකකාර වෙඩික්කරු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
අද (12) දහවල් 1:10ට පමණ මීගොඩ, ආටිගල පාර ප්‍රදේශයේදී මෙම වෙඩිතැබීම සිදුකර තිබුණා.
මෙසේ ඔහුට වෙඩි තබා තිබුණේ මෝටර් රථයකින් පැමිණි පිරිසක් විසින්.
තුවාල ලැබූ ඔහු හෝමාගම රෝහලට ඇතුළත් කළද අනතුරුව ජීවිතක්ෂයට පත් වූ බව මීගොඩ පොලිසිය සඳහන් කර තිබුණා.