සෑම ග්‍රාම නිලධාරී වසමකටම පවුල් සෞඛ්‍ය සේවිකාවක් ඕනේ නෑ, බයික් දෙන ගමන් කට්ටියව අඩු කරන්න හදන සුව ඇමති[VIDEO]

Report

වර්තමානය වන විට ශ්‍රී ලංකාවේ දරු උපත් ප්‍රමාණය අඩු වී ඇති බව සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කර තිබෙනවා. ඒ අද දින පාර්ලිමේන්තුව අමතමින්.

ඒ අනුව අමාත්‍යවරයා මෙහිදී පවසා සිටියේ සෑම ග්‍රාමසේවක කොට්ඨාසයටම සෞඛ්‍ය පවුල් සෞඛ්‍ය නිලධාරිනියක් අවශ්‍ය නැති බවයි.

දෙවන පාසල් වාරය අවසන්, ඊළඟ වාරේ පටන් ගන්නේ මෙහෙමයි

දෙවන පාසල් වාරය අවසන්, ඊළඟ වාරේ පටන් ගන්නේ මෙහෙමයි

එහිදී තවදුරටත් අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ,

" දැන් අපේ රටේ උපත් ප්‍රමාණය අඩු වෙමින් යන්නේ. ඒ නිසා හැම ග්‍රාම නිලධාරී වසමටම පවුල් සෞඛ්‍ය සේවිකාවක් අවශ්‍ය වෙන්නෙ නැහැ. නමුත් අපි ඒක විද්‍යානුකූලව ගණනය කර ගෙන යනවා. දැන් අපි ප්‍රාථමික සෞඛ්‍ය සේවාව සංවර්ධනය කරගෙන යන වැඩපිළිවෙළ යටතෙත් මේ පවුල් සෞඛ්‍ය සේවිකාවන් විසින් සේවාව ලබා දෙන මාතෘ සහ ළඳරු සායන විශාල ප්‍රමාණයක් අලුත්වැඩියා කරනවා සහ සමහර තැන් අලුතින් ඉදිකරනවා. මාතෘ සහ ළඳරු සෞඛ්‍ය සේවයට අඳාළ පවුල් සෞඛ්‍යය සේවිකාවන්ගේ අවශ්‍යතාවයන්වලට පහසුකම් සලසලා අලුත් ව්‍යාපෘතියක් යටතේ මේ කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා" යනුවෙන්.

ලොකු ලූනු ලොකුවට අරන් අවම මිලක් දෙන්න රජයෙන් ප්ලෑන් එකක්

ලොකු ලූනු ලොකුවට අරන් අවම මිලක් දෙන්න රජයෙන් ප්ලෑන් එකක්

එසේම අමාත්‍යවරයා මෙම අදහස් දක්වා ඇත්තේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී විමසූ පැනයකට පිළිතුරු දෙමින්.

ආයේ ඉතින් ආසාවටවත් ගන්න වෙන් නෑ පරිගණක චිප්,ඉලෙක්ට්‍රොනික උපකරණ, මෝටර් රථ, ගෘහ උපකරණවලට වෙන්න යන්නේ මේකයි

ආයේ ඉතින් ආසාවටවත් ගන්න වෙන් නෑ පරිගණක චිප්,ඉලෙක්ට්‍රොනික උපකරණ, මෝටර් රථ, ගෘහ උපකරණවලට වෙන්න යන්නේ මේකයි