ආසියාවටම එක වුණ මුකේෂ් අම්බානිත් වයිෆ්ට සෙකන්ඩ් වෙයි, නීටා අම්බානි වාර්තා අතරට[PHOTOS]
ඉන්දියාවේ විශාලතම බිලියනපතියා මෙන්ම ආසියාවේ ධනවත්ම පුද්ගලයා සහ ප්‍රකට කර්මාන්තකරුවෙකු වන මුකේෂ් අම්බානිගේ බිරිඳ වන නීටා අම්බානි, රිලයන්ස් පදනමේ සභාපතිනිය වශයෙන් කටයුතු කරයි.
ඇය මේ වන විට ඉන්දියාවේ මිල අධිකම මෝටර් රථයේ හිමිකරු බවට පත්ව ඇති බවට තොරතුරු වාර්තා වෙනවා.
ඒ අනුව ඇයට අයත් Audi A9 Chameleon මෝටර් රථයේ වටිනාකම ඉන්දියානු රුපියල් කෝටි 100ක් බව සඳහන්.
මෙය ඇගේ සැමියා වන මුකේෂ් අම්බානිගේ මෝටර් රථයේ මිලට වඩා ඉහළ අගයක් ගන්නා බවද සඳහන්. එසේම මෙම මෝටර් රථයේ විශේෂත්වය නම් එහි ඇති වර්ණය වෙනස් කිරීමේ හැකියාවයි.
ඒ අනුව බොත්තමක් එබීමෙන් වාහනයේ වර්ණය වෙනස් කළ හැකි අතර, එය පැයට කිලෝමීටර 250ක වේගයකින් ධාවනය කිරීමේ හැකියාවෙන් යුක්ත මෝටර් රථයක් බව වාර්තා වේ.
එමෙන්ම ලෝකයේ මෙවැනි මෝටර් රථ හිමි පුද්ගලයින් 11 දෙනෙකු පමණක් සිටීමත් විශේෂත්වයක් වේ.

