"අපි විරෝධියෝ, නමුත් කුමන්ත්‍රණකරුවන් නෙවෙයි" - මුජිබර්ගේ දැඩි ප්‍රකාශය
ආණ්ඩුව එළවා දැමීමට කිසිදු කුමන්ත්‍රණයක් නොමැති බවත්, කුමන්ත්‍රණයක් ඇත්නම් එය ආණ්ඩුව පවත්වාගෙන යෑමට බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් පවසයි.
ඔහු මේ බව ප්‍රකාශ කළේ අද (12) මාධ්‍ය වෙත අදහස් දක්වමිනි. ඒ අනුව, ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින්නේ කුමන්ත්‍රණ කතා අතහැර දමන ලෙස බව ඔහු සඳහන් කළේය.
අග්‍රාමාත්‍යවරිය ආණ්ඩුවේ නායකයා බවත්, ඇය විසින් පාර්ලිමේන්තුවේදී සිදුකරන ප්‍රකාශයක් නිවැරදි කිරීමට මන්ත්‍රීවරුන්ට හැකියාවක් නොමැති බවත් රහුමාන් පෙන්වා දුන්නේය.
එමෙන්ම, අමාත්‍ය වසන්ත සමරසිංහ විසින් අග්‍රාමාත්‍යවරියට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒම වැනි කටයුත්තක නිරත වන බවද ඔහු ප්‍රකාශ කළේය.