ලංකාවටම හික් ගෑවෙන්න අපිලගේ සාධුයි බයියන්ගේ අප්පච්චියි එක්ක අසේල දාපු සිරික්කිය කොහොමද? නාමල් බේබිගේ අලුත්ම කැම්පේන් එකටවත්ද?[PHOTO]
බත්තරමුල්ලේ සීලරතන හාමුදුරුවෝ, මහින්ද රාජපක්ෂ සහ ජාතික පාරිභෝගික පෙරමුණේ සභාපති අසේල සම්පත්.
කැරැක්ටු තුන ගැන ඉතින් ආයේ අමුතුවෙන් අටුවා ටිකා ටිප්පනි ඕනේ නෑනේ.
හැබැයි ඒ තුන්දෙනා ගැන දැන ගන්න එයාලා මොනවද කළේ කියලා අහනවට වඩා මේ ඈයෝ තුන්දෙනා මොනවද නොකළේ කියලත් ඇහුවා නම් හොඳයි කියලා තමයි සමාජ මාධ්‍යවල මේ දවස් වල කතා වෙන්නේ.
කොහොම වුණත් කාලෙන් කාලෙට එක එක ටොපික් සමාජෙට දෙන මේ තුන් දෙනා ඔන්න එකම රාමුවකට අහුවෙලා ඉන්න අනර්ඝ මොහොතක් ගැන මීට සුළු වෙලාවකට කළින් අපේ ජාතික පාරිභෝගික පෙරමුණේ සභාපති අසේල සම්පත් මහත්මයගේ නිල ෆේස්බුක් ගිණුමේ සටහන් වෙලා තියෙනවා.
ඒ ඡායාරූපයත් එක්ක මේ වෙද්දි මේ තුන් දෙනා ගැන ඇහැ ගහගෙන ඉන්න ගොඩක් අය කල්පනා කරන්නේ ඒපාර මේ තුන් දෙනා එන්න හදන පොට මොකක්ද කියලා.
වැඩේ කියන්නේ අපේ මහින්ද මහත්තයාගේ පුත්‍ර රත්නය වුණ නාමල් බේබිත් ආයෙත් කැම්පේන් පටන් අරන් තියෙන වෙලාවකම මේ තුන්දෙනා එකට මුණ ගැහුණු එක.
මුණ ගැහුණන් මදැයි ඒක ෆොටෝ ගහලා බුකිය කළඹන්න තරම් තියෙන අවශ්‍යතාවය මොකක්ද කියලත් තව අය හිතනවා.
මොනවා වුණත් තමන්ගේ සමාජ මාධ්‍ය ගිණුමේ ෆොටෝ එකක් දාන්න තහනමක් නැති එකේ අසේලත් ඔය මොන කතා කිව්වත් අප්පච්චි එක්ක ෆොටෝ එකක් ගහපු එක ගැම්මට දාන්න ඇති කියලයි තමයි පෝස්ට් එකට වැටෙන කමෙන්ට් නම් කියන්නේ.