පඳුරක් යට තිබිලා ජීව උණ්ඩ 45ක් හමුවෙයි
Sri Lanka Police
Law and Order
Latest Headlines
Sinhala news
Breaking News
By Kaushi
වැලිපැන්න පොලිස් වසමේ ළිඳමුල්ලගේවත්ත, තොටුපල පාර මීගම ප්‍රදේශයේ නිවසක් අසල පඳුරක් යට තිබී පිස්තෝල අවි වෙනුවෙන් භාවිත කරන ජීව උණ්ඩ තොගයක් හමුවී ඇති බව වාර්තා වේ.
මෙම උණ්ඩ තොගය ඒ ආසන්නයේ ක්‍රීඩා කරමින් සිටි දරුවන් පිරිසක් දැක තිබෙනවා.
ඒ අනුව ඔවුන් විසින් වැඩිහිටියෙකු දැනුවත් කිරීමෙන් පසුව මේ බව පොලීසිට දැනුම්දී ඇති බව පවසයි.
සොයා ගත් උණ්ඩ තොගයෙහි ජීව උණ්ඩ 45ක් පමණ තිබී ඇත.
කෙසේ වෙතත් මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැලිපැන්න පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරන බව සඳහන්.