හති වැටුණු ශෂීන්ද්‍ර රාජපක්ෂ...පැය හතකට පසු කොමිසමෙන් පිටව යයි

Shasheendra Rajapaksa Bribery Commission Sri Lanka Crime Law and Order Sinhala news
By Kaushi Jun 05, 2025 11:50 AM GMT
Kaushi

Kaushi

Report

හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා මීට සුළු වේලාවකට පෙර අල්ලස් කොමිසමින් පිටව ගොස් ඇති බව වාර්තා වේ.

ඒ අද (05) දින පෙරවරුවේ ඔහු විසින් ප්‍රකාශයක් ලබා දීමට අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටීමෙන් අනතුරුවයි.

රටේ සියලුම පාසල්වලට සහ අධ්‍යාපන ආයතනවලට විශේෂ නිවේදනයක්

රටේ සියලුම පාසල්වලට සහ අධ්‍යාපන ආයතනවලට විශේෂ නිවේදනයක්

ඒ අනුව හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතාගෙන් අල්ලස් කොමිසම පැය 7 1/2ක පමණ කාලයක් ප්‍රකාශ සටහන් කරගෙන ඇති බවට වාර්තා වේ.

ඔහුව මෙසේ අද දින අල්ලස් කොමිසම වෙත කැඳවා තිබුණේ චීන සමාගමකින් ප්‍රමිතියෙන් තොර කාබනික පොහොර නැවක් ගෙන්වීම හරහා රජයට පාඩු සිදුකිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අල්ලස් කොමිසම සිදුකරන විමර්ශනයට අදාළව බව ද සඳහන්.

2021 වර්ෂයේදී මහින්දානන්ද අලුත්ගමගේ අමාත්‍යධුරය දැරූ කෘෂිකර්ම අමාත්‍යාංශය මඟින් කාබනික පොහොර තොගයක් රැගත් චීන නෞකාවක් මෙරටට ගෙන්වීමට පියවර ගෙන තිබුණා.

මුන් ගුරුවරුද?..පාසල් සිසුවියට ගුරු අඹු සැමි යුවළ කරපු ඛේදවාචකය...

මුන් ගුරුවරුද?..පාසල් සිසුවියට ගුරු අඹු සැමි යුවළ කරපු ඛේදවාචකය...

එසේ පැමිණි පොහොර නෞකාවෙහි ජීවානුහරණය නොකළ අහිතකර බැක්ටීරියා සහිත කාබනික පොහොර අඩංගු වී තිබූ බව සඳහන් වේ.

ඒ අනුව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මඟින් අඳාළ සිදුවීම සඳහා කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යාංශයේ හිටපු අතිරේක ලේකම්වරයෙකු වන මහේෂ් ගම්මන්පිල සහ එවක කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා අත්අඩංගුවට ගෙන ඇප මත මුදා හැරීමට ද කටයුතු කර තිබෙනවා.

එබදු තත්ත්වයක් උඩ එම සිදුවීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීමට එවක කෘෂිකර්ම රාජ්‍ය ආමත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ ද අද දින මෙසේ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණි බවට වාර්තා වේ.

ලංකා බැංකුවෙන් සිය පාරිභෝගිකයන්ට විශේෂ නිවේදනයක්

ලංකා බැංකුවෙන් සිය පාරිභෝගිකයන්ට විශේෂ නිවේදනයක්

ReeCha