රටේ සියලුම පාසල්වලට සහ අධ්‍යාපන ආයතනවලට විශේෂ නිවේදනයක්

Report

අධ්‍යාපන අමාත්‍යාංශයෙන් සියලුම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂකවරුන්, කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් ඇතුළු නිලධාරීන් දැනුම්වත් කරමින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

මුන් ගුරුවරුද?..පාසල් සිසුවියට ගුරු අඹු සැමි යුවළ කරපු ඛේදවාචකය...

මුන් ගුරුවරුද?..පාසල් සිසුවියට ගුරු අඹු සැමි යුවළ කරපු ඛේදවාචකය...

ඒ අනුව එම නිවේදනයේ සඳහන් වන්නේ පාසල් ආශ්‍රිත පරිසරය මදුරුවන්ගෙන් තොරව ආරක්ෂිතව පවත්වාගෙන යාම වෙනුවෙන් නිකුත් කර තිබෙන උපදෙස් පිළිපදින ලෙසටයි.

එසේම අඳාළ නිවේදනයේ මින් පෙර නිකුත් කර තිබෙන 2010/22 හා 30/2017 චක්‍රලේඛ හා උපදෙස් ලිපිවලට අමතරව ගතයුතු ක්‍රියාමාර්ග හා උපදෙස් නිකුත් කර තිබෙන අතර සිසු දරුවන් හා අධ්‍යයන/ අනධ්‍යයන කාර්යමණ්ඩලවල සෞඛ්‍ය ආරක්ෂාව වෙනුවෙන් එම උපදෙස් පිළිපදින ලෙසටත් සඳහන් වේ.

තවද එහි දක්වා ඇත්තේ මෝසම් වැසි සමය එළඹීමත් සමග රට පුරා ඩෙංගු රෝගය සහ විකුන්ගුන්යා රෝග පැතිර යෑමේ දැඩි අවදානමක් පවතින බවයි.

ලංකා බැංකුවෙන් සිය පාරිභෝගිකයන්ට විශේෂ නිවේදනයක්

ලංකා බැංකුවෙන් සිය පාරිභෝගිකයන්ට විශේෂ නිවේදනයක්

එමෙන්ම සෞඛ්‍ය අංශ 2025 මැයි 31 වැනි දින දක්වා රටේ විවිධ ප්‍රදේශවලින් වාර්තා වූ ඩෙංගු රෝගීන් අතරින් ඉහළ ප්‍රතිශතයක් වයස අවුරුදු 5ත් 19ත් අතර පාසල් වයසේ පසුවන දරුවන් සිටින බවට දන්වා ඇති බව අඳාළ නිවේදනයේ සඳහන් වේ.

මෙම තත්ත්වය මත එම නිවේදනයේ තවදුරටත් කියා ඇත්තේ සියලුම රජයේ හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල විදුහල්පතිවරුන්, පිරිවෙන්වල පරිවේනාධිපතිවරුන්, ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවල පීඨාධිපතිවරුන් සහ පළාතේ අනෙකුත් අධ්‍යාපන මධ්‍යස්ථාන හා කාර්යාල ප්‍රධානීන් මෙමඟින් දැනුවත් කරන බවයි.

පහේ ශිෂ්‍යත්වය අහෝසියි.. රජයේ ස්ථාවරය මෙන්න

පහේ ශිෂ්‍යත්වය අහෝසියි.. රජයේ ස්ථාවරය මෙන්න

GalleryGallery