පැය 24ක් රඳවා තබාගෙන ප්‍රශ්න කළ හිටපු රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාරගේ පුත්‍රයා රිමාන්ඩ්
චීන ජාතිකයෙකු සතුව තිබූ රුපියල් කෝටි දෙකක මුදල් පැහැරගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ පැය 24ක් රඳවා තබාගෙන ප්‍රශ්න කළ හිටපු රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාරගේ පුත්‍රයා එළඹෙන 27 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන අද (23) දින නියෝග කර ඇත.
ඒ අනුව එසේ රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබුවේ හිටපු රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාරගේ පුත්‍රයෙකු වන අනුද ජනාදිත් සමරකෝන් බණ්ඩාරයි.
එසේම මෙම සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට කරුණු දක්වමින් විමර්ශන නිලධාරීන් කියා සිටියේ මෙම සිද්ධියට අඳාළව මෙම සැකකරුගේ දුරකථන වාර්තා, බැංකු වාර්තා සහ ක්‍රිප්ටෝ කරන්සි ඔස්සේ මීට පෙර වෙනත් ගනුදෙනු සිදුකර ඇතිද යන්න සම්බන්ධයෙන් විමර්ශනය කරන බවයි.
එමෙන්ම මෙම සිද්ධියට අඳාළ පළමුවන සැකකරුවන අජිත් ප්‍රියන්ත යන සැකකරුව මෙම සිද්ධියට අදාල දෙවන සාක්ෂිකරුවන අසංග සංජිව යන නමැත්තා විසින් හඳුනා ගෙන ඇත. ඒ මහේස්ත්‍රාත් නිල මැදිරියේදී අද (23) දින පැවැත්වූ හඳුනා ගැනීමේ පෙරෙට්ටුවකදීයි.
මේ අතර විමර්ශන නිලධාරීන් අධිකරණයට දන්වා සිටියේ එම සිද්ධිය සම්බන්ධයෙන් තවත් සැකකරුවෙක් අත්අඩංගුවට ගැනීමට නියමිත බවත්, මෙම වංචාවට යොදා ගන්නා ලද වාහනය ද අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බවත් ය.
එමෙන්ම සිද්ධියට අඳාළ අනෙක් සැකකරුවන් සිව්දෙනාද ලබන 27 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කළ අතර සිද්ධියට අඳාළ නඩුව ලබන 27 කැඳවීමට නියමිතව තිබෙනවා.