රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාරගේ පුත්‍රයාට ඇප
අත්අඩංගුවට ගත් හිටපු රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාරගේ පුත්‍රයෙකු වන අනුද ජනාදිත් සහ තවත් සැකකරුවන් සිව්දෙනෙකු විදේශ ගමන් තහනමක් ඇතුළු දැඩි ඇප කොන්දේසි මත නිදහස් කිරීමට අධිකරණය අද (27) නියෝග කර ඇත.
ඒ එම පිරිස කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුවයි.
කොල්ලුපිටිය පොලිසිය මඟින් එම පිරිස අත්අඩංගුවට ගෙන තිබුණේ චීන ජාතිකයෙකු සතුව තිබූ රුපියල් කෝටි දෙකක මුදල් පැහැරගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන්.
ලාල්ටත් ගෙදර යන්න වෙයි.. වහාම ධුරයෙන් ඉවත් කරන ලෙස බලකරමින් සිකුරාදා සිට දැවැන්ත විරෝධතා ව්‍යාපාරයක්
ඒ අනුව ඉකුත් (23) වන දින එම සිද්ධිය සම්බන්ධයෙන් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ පැය 24ක් රඳවා තබාගෙන ප්‍රශ්න කළ හිටපු රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාරගේ පුත්‍රයා අද(27) දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන නියෝග කර තිබුණා.