හැමෝම කතාවෙන “ආදරණීය තරුවක්” සිනමාහල් හොල්ලන්න සූදානමින් [VIDEO]

Report

 මේ දවස්වල ගොඩක් දෙනෙක් කතාවෙන සිනමාපටයක් තමයි ආදරණීය කතාවක් කියලා කියන්නේ.

     ජීවිතේ අපි බලාපොරොත්තු වන ආදරය, ලැබීම, අහිමිවීම ආදීයෙහි සියල්ලෙහිම එකතුවක් ලෙස මෙම සිනමාපටය ඔබ හමුවට එනවා.

  ජීවිතේ අපි ප්‍රාර්ථනා කරන ආදරය ආපිට ඇත්තටම ලැබෙනවද? ගායකයෙකු ජනප්‍රිය තරුවක් බවට පත්වන ගමනක් තුළින් ආදරය, අතීත මතක, අහිමිවීම් සහ කිසිදා අමතක කළ නොහැකි අවසන් පොරොන්දුවක් එකට බැඳෙන මෙම නිර්මාණය සුන්දර සංගීතමය සිනමා අත්දැකීමක් වනු ඇත.

ඒ වගේම වත්මන් තරුණ පරපුර බලාපොරොත්තුවන ආදරය, සිහින, බලාපොරොත්තු, තෝරාගැනීම් සහ හැඟීම් හරි ලස්සනට මෙම සිනමාපටය තුළින් අපූරුවට ගෙන හැර දක්වා තිබේ.

මෙම සිනමාපටය සාරංග දිසාසේකරගේ කුලුඳුල් සිනමා නිෂ්පාදනය වන “ආදරණීය තරුවක්”, දිල්ශාන් අමරසිංහගේ ප්‍රථම සිනමා අධ්‍යක්ෂණය ද වනවා.

ප්‍රධාන රංගන දායකත්වය - සාරංග දිසාසේකර, ශනුද්‍රි ප්‍රියසාද්, සංගීතා වීරරත්න , චානුක ප්‍රබුද්ධ, ප්‍රසන්න දැකුම්පිටිය, සුජීව ප්‍රියලාල් , කිං රත්නම්, සනත් ගුණතිලක, රොෂාන් පිලපිටිය,ජීවන් කුමාරතුංග.

මේ නම් ටික ඇහෙද්දීම ඔබට හිතෙනුයේ ප්‍රවීණ රංගන ශිල්පීන් ශිල්පිනියන් ඇතුළු ප්‍රවීණ සහ ජනප්‍රිය රංගන ශිල්පීන් රැසක් චිත්‍රපටය සඳහා රංගනයෙන් එක්වෙනවා.

හැමෝම කතාවෙන “ආදරණීය තරුවක්” සිනමාහල් හොල්ලන්න සූදානමින්  | Adaraneeya Tharuwak Film

ඒ නම් ටික ඇහෙද්දීම හිතෙනුයේ සිනමාහලට දුවගන එන්නයි .

මෙම සිනමාපටයෙහි කතාව සහ තිර රචනය- දුල්හාරි ඉලංගකෝන්ගෙනි

කැමරාකරණය සහ ආලෝකකරණය - විශ්වජිත් කරුණාරත්නයි

සංස්කරණය -සිතුම් සමරජීව

ශනුද්‍රි ප්‍රියසාද් නම් කියන්නේනම් මේ ගැන මේ සිනමාපටයෙහි ආදරය හැගීම් විරහව මේ සියළුම දේවල් සියල්ලගෙම මුසුවක් වන බවයි

ආදරය කියන්නේ ඇත්තටම හැමෝටම එකම විදිහට උරුම වන දෙයක්ද?

ඉතිං මේ ගැන හරියටම දැනගන්න ඕනේනම් අනිවාර්‍යෙන්ම ඔබත්  ලගම ඇති සිනමාහලට එන්න .

ඔන්න අගෝස්තු 06 වැනිදා සිට ඔබට නැරඹීමේ හැකියාව තියනවා . ඔබ මෙතෙක් නොවිදි වෙනස්ම අත්දැකීමක් ඔබත් විදගන්න  .