හිටපු අමාත්‍ය ශාන්ත බණ්ඩාරගේ පුත්‍රයා පැය 24ක් රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට නියෝග - හෙට වෙනකල් රටම නොයිවසිල්ලෙන්
කොල්ලුපිටිය පොලිසිය විසින් අත්අඩංගුවට ගත් හිටපු රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාරගේ පුත්‍රයෙකු වන අනුද ජනාදිත් සමරකෝන් බණ්ඩාර පැය 24 ක් රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන අද (22) දින අවසර ලබා දී ඇත.
ඒ චීන ජාතිකයෙකු සතුව තිබූ රුපියල් කෝටි දෙකක මුදල් පැහැරගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන්.
එසේම අඳාළ සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරටත් අධිකරණයට කරුණු දැක්වූ කොල්ලුපිටිය පොලීසිය පවසා සිටියේ සිද්ධියට අඳාළව විමර්ශන කටයුතු පොලිස්පතිවරයා විසින් වැඩිදුර විමර්ශන කටයුතු මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයට පවරා තිබෙන බවයි.
එහිදී මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය සඳහා පෙනී සිටි විමර්ශන නිලධාරීන් කියා සිටියේ 2007 අංක 7 දරන පනත අනුව සැකකරු පැය 24ක කාලයක් රදවා තබා ගෙන ප්‍රශ්න කිරීමට අවසර ලබා දෙන ලෙසයි.
එබැවින් සිද්ධියට අදාළ නඩුව හෙට (23) දින පස්වරු 2.30ට යළි කැඳවීමට නියමිතව ඇත. කොල්ලුපිටිය පොලිසිය විසින් සැකකරු අධිකරණයට ඉදිරිපත් කරමින් කරන ලද කරුණු දැක්වීමෙන් පසු මෙසේ නියෝග කර තිබෙනවා.