ශෂීන්ද්‍ර රාජපක්ෂ අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට

Report

හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතාව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මෙම අත්අඩංගුවට ගැනීම සිදුව ඇත්තේ මහවැලි අධිකාරියට අයත් සෙවනගල, කිරිඉබ්බන් වැව ප්‍රදේශයේ ඉඩමක අනවසරයෙන් ඉදිකර ඇති ගොඩනැගිල්ලක් ඇතුළු දේපොළ කිහිපයකට 2022 මැයි 09 වන දින පැවති ජනතා අරගලයේදී හානි සිදුවීම හා ඒ සම්බන්ධ වන්දි ගෙවීමේ ක්‍රියාවලියේදී එල්ල වූ චෝදනාවලට අදාළවය.

ශිෂ්‍යත්ව විභාගය වෙනුවෙන් දිවයිනටම විශේෂ නිවේදනයක්

මෙම දේපොළ සඳහා වන්දි ගෙවීමේදී, එය ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය සතු බවට හඳුනාගෙන ඇති අතර, ඒ අනුව වන්දි ගෙවීම ප්‍රතික්ෂේප කර තිබේ.

අහස උසට යන ලංකාවේ වාහන මිල

අහස උසට යන ලංකාවේ වාහන මිල

කෙසේ වෙතත්, එම තීරණයට පටහැනිව, හානිපූර්ණය සඳහා වන කාර්යාලයට අනුයුක්තව කටයුතු කළ සමහර රජයේ නිලධාරීන්ට තම නිල බලය භාවිත කරමින් බලපෑම් කළ බවට ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතාට චෝදනා එල්ල වී ඇත.

මෙම චෝදනාවලට අනුව, රාජපක්ෂ මහතා විසින් වන්දි ලබාගැනීමේ ක්‍රියාවලියේදී දූෂණය, කුමන්ත්‍රණය, සහ මහවැලි අධිකාරිය සතු දේපොළ සාපරාධී ලෙස සාවද්‍ය පරිහරණය කිරීමේ වරදවල් සිදුකර ඇති බවට චෝදනා කර ඇත.

මෙම වරදවල් 1999 අංක 28 දරන පනතින් සංශෝධිත 1982 අංක 12 දරන පොදු දේපොළ විෂයෙහි සිදුකරනු ලබන වැරදි පිළිබඳ 5(1) වගන්තිය යටතේ දඬුවම් ලැබිය හැකි බරපතළ වරදකි.

COPA සභාපති, මන්ත්‍රී අරවින්ද සෙනරත් ඉල්ලා අස්වෙයි

COPA සභාපති, මන්ත්‍රී අරවින්ද සෙනරත් ඉල්ලා අස්වෙයි

මෙම චෝදනාවලට අදාළව ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතාව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

අනුරගෝ ගමක් හදලා පලයන් කීවොත් අපි තප්පරයක්වත් ඉන්නේ නෑ අපි ආසාවකට මේ ඉන්නවා නෙමෙයි - හඳුන්නෙත්ති

අනුරගෝ ගමක් හදලා පලයන් කීවොත් අපි තප්පරයක්වත් ඉන්නේ නෑ අපි ආසාවකට මේ ඉන්නවා නෙමෙයි - හඳුන්නෙත්ති