සෞඛ්‍ය අමාත්‍යාංශයේ බරපතළ වංචාවක් එළි වෙයි
ජාතික විගණන කාර්යාලයේ 2023 වාර්ෂික වාර්තාවට අනුව, සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් රුපියල් කෝටි 3923ක දැවැන්ත මුදලක් නීති විරෝධී ආකාරයට අතිකාල සහ නිවාඩු දින වැටුප් ලෙස ගෙවා ඇති බව හෙළිව ඇති බව වාර්තා වේ.
මේ අක්‍රමිකතාව වී ඇත්තේ රෝහල් සහ සෞඛ්‍ය ආයතනවල සේවක පැමිණීම සටහන් කිරීමට රුපියල් කෝටි තුනකට අධික මුදලක් වැය කොට මිලදී ගෙන ස්ථාපිත කර ඇති ඇඟිලි සලකුණු යන්ත්‍ර 213ක් අක්‍රියව පවතින පසුබිමකයි.
මෙහිදී අඳාළ ඇඟිලි සලකුණු යන්ත්‍ර පද්ධතිය ක්‍රියාත්මක නැති බැවින් පවතින වැටුප් ක්‍රමය මත අතිකාල දීමනා නොගෙවන ලෙස භාණ්ඩාගාර ලේකම්වරයා පැහැදිලිවම උපදෙස් ලබා දී ඇති බව සඳහන්.
එසේ වුවත් එම නිල උපදෙස නොසලකා 2023 වර්ෂයට මෙසේ අතිවිශාල අතිකාල සහ නිවාඩු දින වැටුප් ගෙවීම් සිදුකර ඇති බව විගණන වාර්තාව මගින් දක්වයි. ඒ අනුව එම වර්ෂය තුළ අතිකාල දීමනා සහ නිවාඩු දින වැටුප්වලට ගෙවා ඇති මුදල, සෞඛ්‍ය අමාත්‍යාංශයේ සමස්ත වැටුප් පිරිවැයෙන් සියයට 72ක් වැනි ඉතා ඉහළ ප්‍රතිශතයක් ගෙන ඇත.
ඒ අනුව මෙය අමාත්‍යාංශයේ මූල්‍ය විනය සම්බන්ධයෙන් බරපතළ ගැටලුවක් බව විගණන වාර්තාවේ දත්ත පැහැදිලි කරයි. එසේම ,එහිදී සෞඛ්‍ය සේවාවේ කාර්යක්ෂමතාවය සම්බන්ධයෙන් ද විගණනයේදී අවධානය යොමු කර තිබෙනවා.
එහිදී සෞඛ්‍ය අමාත්‍යාංශයට අදාළ තිරසර සංවර්ධන දර්ශක 31 න් 13කට 2023 වර්ෂයට අදාළව කිසිදු ප්‍රගතියක් වාර්තා කර නොමැති බව අනාවරණය වී ඇත.
එමෙන්ම ජාතික විගණන කාර්යාලය දක්වන්නේ ප්‍රගතිය වාර්තා කරන ලද දර්ශක 12 පිළිබඳව ද අපේක්ෂිත කාර්ය සාධන ඉලක්ක සපුරා ගැනීමට අමාත්‍යාංශය අපොහොසත් වී ඇති බවයි.
මේ අතර 2022 සහ 2023 යන වර්ෂවලදී කර ඇති රුපියල් කෝටි 2200 ඉක්මවූ වටිනාකමකින් යුතු හදිසි ප්‍රසම්පාදන 663ක් පිළිබඳව ද විගණන වාර්තාවේ අවධානය යොමුව තිබෙන බව සඳහන්.
එහිදී මෙම ප්‍රසම්පාදනවලට එවකට කටයුතු කළ සෞඛ්‍ය අමාත්‍යවරයා අමාත්‍ය මණ්ඩලයේ ආවරණ අනුමැතිය ලබා ගැනීමට කටයුතු නොකිරීම බරපතල පටිපාටිමය උල්ලංඝනයක් බවද වාර්තා කර ඇත.

උඹලා වගේ හිඟන්නෝ ගැන දුකයි අනුරට බැනපන් හැබැයි අදානිවත් ඉන්දියාවවත් ගැන කටක් හොල්ලන්න එපා, චන්දිමට එන ගර්ජන
