වැලිගම සභාපති ලසන්තට වෙඩි තබා පලා යාමේ CCTV දර්ශණ මෙන්න [VIDEO]
වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති, ලසන්ත වික්‍රමසේකර මහතාට වෙඩි තැබූ වෙඩික්කරුවන් පලා යන අයුරු දැක්වෙන CCTV දර්ශන පෙළක් මාධ්‍යට ලැබී ඇත.
අද (22) උදෑසන වැලිගම ප්‍රාදේශීය සභාවේ මහජන දිනය පැවැත්වෙමින් සිටි අවස්ථාවේදී සභාපතිවරයා ලෙස කටයුතු කළ සමගි ජන බලවේගයේ මන්ත්‍රී ලසන්ත වික්‍රමසේකර මහතා (මිදිගම ලසා නැමැත්තා) සභාව තුළම වෙඩි ප්‍රහාරයකට ලක්ව ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය තහවුරු කර ඇත.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතිඥ උදය කුමාර වුට්ලර් මහතා පැවසුවේ, මෙම ප්‍රහාරය සඳහා පිස්තෝල වර්ගයේ ගිනි අවියක් භාවිතා කර ඇති බවට සැකයක් ඇති බවයි.
මීට පෙර වාර්තා වූවේ ටි 56 ගිනිය අවියකින් වෙඩි ප්‍රහාර හතක් එල්ල වූ බවක් වුවද, විමර්ශනවලදී පිස්තෝලයක් භාවිතය තහවුරු වී ඇති බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.