විමල්ට එරෙහි අල්ලස් නඩුවක් විභාගයට දින නියම වෙයි

Report

අල්ලස් කොමිසම විසින් අමාත්‍යවරයෙකු වශයෙන් කටයුතු කරමින් රුපියල් මිලියන 75කට ආසන්න වත්කම් සහ මුදල් අයතා ලෙස අත්පත් කර ගත්තේ යැයි චෝදනා කරමින් හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාට එරෙහිව ගොනුකර තිබෙන නඩුව විභාගයට ගැනීම සඳහා කොළඹ මහාධිකරණය අද (22) දින නියම කර තිබේ.

මෙම නඩුව කැදවා තිබෙනුයේ කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහාල් මහතා ඉදිරියේදීය.

ඒ අනුව විනිසුරුවරයා තීරණය කළේ අදාළ නඩුව දෙසැම්බර් 18වනදා සහ ජනවාරි 20වනදා යන දිනවල විභාගයට ගැනීමටයි.

පද්මේ එක්ක පියුමි හංසමාලිගේ සම්බන්දෙ මොකක්ද? තවත් නිළියෝ පැටලෙන ලකුණු

පද්මේ එක්ක පියුමි හංසමාලිගේ සම්බන්දෙ මොකක්ද? තවත් නිළියෝ පැටලෙන ලකුණු

තවද අතිරේක සොලිසිටර් ජෙනරාල් අසාද් නවාවි මහතා මෙම නඩුවේදී අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනීසිටිමින් අධිකරණය හමුවේ කරුණු ඉදිරිපත් කළේ මෙම නඩුවට අදාළව විත්තිය වෙත ලබාදිය යුතු ලේඛන සියල්ල මේ වනවිට ලබාදී තිබෙන බවයි.

ඒ අනුව අදාළ ලේඛන පරීක්ෂාවට ලක්කළ යුතු බව සඳහන් කළ විත්තිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනුර මැද්දේගොඩ මහතා ඒ සඳහා දිනයක් ලබා දෙන ලෙස ඉල්ලා තිබේ.

ඉන්පසුව    විනිසුරුවරයා විසින්   අදාළ නඩුව විභාගයට ගැනීම සඳහා දින නියම කර තිබේ.

අල්ලස් කොමිසම විසින් ඉකුත් යහපාලන රජය සමයේ හිටපු අමාත්‍ය විමල් විරවංශ මහතාට එරෙහිව 2010 වසරේ සිට 2015 වසර දක්වා කාලසීමාව තුළ රජයේ අමාත්‍යවරයකු වශයෙන් කටයුතු කරමින් සිය නීත්‍යානුකූල ආදායම අභිබවා රුපියල් මිලියන 75කට ආසන්න වත්කම් සහ මුදල් අත්පත් කරගැනීම තුළින් අල්ලස් පනත යටතේ වරදක් සිදුකළේ යැයි චෝදනා කර මෙම නඩුව ගොනු කර තිබුණි.

වැලිගම ලසන්ත ඝාතන සිද්ධිය පරීක්ෂාවට පොලිස් කණ්ඩායම් 4ක්

වැලිගම ලසන්ත ඝාතන සිද්ධිය පරීක්ෂාවට පොලිස් කණ්ඩායම් 4ක්

අතුරුදන් වූ 28 හැවිරිදි පුද්ගලයෙකු සොයා ගැනීමට මහජන සහය පතයි

අතුරුදන් වූ 28 හැවිරිදි පුද්ගලයෙකු සොයා ගැනීමට මහජන සහය පතයි