අයහපත් කාලගුණය - පවුල් 39ක් යුද හමුදා සහයෙන් ආරක්ෂිත තැනකට [PHOTOS]
ගාල්ල දිස්ත්‍රික්කයේ පීඩාවට පත් පවුල් නවයකට අයත් පුද්ගලයින් තිස් නව (39) දෙනෙකු ඇති වූ අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් තාවකාලික නවාතැන් වෙත යොමු කර ඇත.
ශ්‍රී ලංකා හමුදාවට අනුව, පීඩාවට පත් පවුල් දැනට ගාල්ල, පියදිගම පිහිටි සුදර්ශනාරාමය විහාරස්ථානයේ නවාතැන් ගෙන සිටින අතර එය ආරක්ෂිත මධ්‍යස්ථානයක් ලෙස නම් කර තිබේ.
මේ අතර, ගංවතුර ඉහළ යාම හේතුවෙන් අතරමංව සිටි මවක් සහ ඇගේ මාස දෙකක බිළිඳා ඇතුළු සිවිල් වැසියන් සිව් දෙනෙකු ඊයේ (21) දිනයේ ශ්‍රී ලංකා හමුදාව විසින් බේරා ගන්නා ලදී.
ඔවුන් ආරක්ෂිතව සහන මධ්‍යස්ථානය වෙත රැගෙන යන ලද්දේ ශ්‍රී ලංකා හමුදාවේ 2 වන ස්වේච්ඡා ගැමුණු හේවා රෙජිමේන්තුවේ නිලධාරීන් විසිනි.




