පාසල් පෙළ පොත් මුද්‍රණය කිරීම ගැන ගත් අලුතම තීරණය
2026 වර්ෂය සඳහා පාසල් සිසුන්ට නොමිලේ බෙදාහරින්න රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාව වෙතින් පෙළපොත්/මොඩියුල් වර්ග 40%ක මුද්‍රණය කිරීමට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය හිමිව ඇත.
2025 ජුනි 16 පැවැත්වූ අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය වෙතින් අග්‍රාමාත්‍යවරිය ඉදිරිපත් කළ යෝජනාවට අනුමැතිය ලැබුණු මෙම තීරණය මගින් සමස්ත පෙළපොත්/මොඩියුල් පිටපත්වලින් ප්‍රමාණයෙන් 40% රාජ්‍ය මුද්‍රණ සංස්ථාවට ඍජුව ප්‍රදානය වේ.
ජාතික තරගකාරී ප්‍රසම්පාදන ක්‍රම වේදය මඟින් තෝරා ගන්නා ලද ලංසු කරුවන් වෙත අදාළ පෙළ පොත්/ මොඩියුල මුද්‍රණය සඳහා වන ප්‍රසම්පාදනය මේ වන විට පිරිනමා ඇත. ඒ අනුව අවම ලංසුකරුවන් විසින් ඉදිරිපත් කර ඇති මිල ගණන් මත පදනම්ව පෙළපොත් / මොඩියුල වර්ග 78කින් පිටපත් මිලියන 6.04 ක් මුද්‍රණය කිරීමේ කොන්ත්‍රාත්තුව රුපියල් මිලියන 761.29 ක (වැට් රහිත) මුදලකට රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාව වෙත පිරිනැමීම පිණිස අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය වශයෙන් අග්‍රාමාත්‍යවරිය ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
