ලසාගේ පැටිකිරිය මෙන්න
වෙඩි ප්‍රහාරයකට ලක්ව බරපතළ තුවාල ලබා සිටි වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති, ලසන්ත වික්‍රමසේකර හෙවත් “මිදිගම ලසා” අද පෙරවරුවේ ජීවිතක්ෂයට පත්විය. ඔහු උදැසන වෙඩි ප්‍රහාරයට ලක් වුණේ ප්‍රාදේශීය සභාවේ සභාපති පුටුව මතදීය.
ඒ අනුව යතුරුපැදියකින් පැමිණි නාඳුනන වෙඩික්කරුවන් දෙදෙනෙකු පිස්තෝල වර්ගයේ ගිණි අවියකින් වෙඩිතැබීම සිදුකර තිබූ බවට පොලිසිය සදහන් කර තිබේ.
සභාපතිවරයා හමුවට ලිපියක් අත්සන් කර ගැනීමට පැමිණි දෙදෙනෙකු ලෙස මෙම වෙඩික්කරුවන් ප්‍රාදේශීය සභාව තුළට පැමිණ ඇති බවට මේ වන විට තොරතුරු වාර්තා වෙයි.
පොලීසිය සදහන් කරන්නේ ලසන්ත වික්‍රමසේකර මහතා සම්බන්ධයෙන් බොහෝ අපරාධයන් වාර්ථා වන බවයි.
ඒ අනුව විශේෂ කාර්‍ය බලකාය මගින් 2018.03.11 වන දින බලපත්‍රයක් නොමැතිව තුවක්කුවක් හා උන්ඩ 10 ක් ලග තබා ගැනීම.
බිය ගන්වා කොල්ලකෑම.
හබරාදුව පොලිස් ස්ථානයේ 2014.03.22 වන දින අන් අයෙකු ලෙස පෙනී සිට මුදල් වංචා කිරිම .
2011.03.11 වන දින වංචා කිරීම.
වංචා කිරීමට ආධාර අනුබල දිම,
සාපරාදී සාවද්‍ය පරිහරණය මෙන්ම 2015.10.28 වන දින මුදල් වංචා කිරීමට තැත් කිරීම.
කුරුණෑගල පොලිස් ස්ථානයේ ද සාපරාදී සාවද්‍ය පරිහරණය කිරීම සම්බන්ධයෙන් සටහන් වී තිබේ.
සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසයේ අවි ආයුධ ලඟ තබා ගැනිම සම්බන්ධයෙන් 2018.03.11දින සටහන් වී තිබේ.
කොටවිල පොලිස් ස්ථානයේ ද 2021.09.03 වන දින පුද්ගලයකුට ගිනි අවියකින් වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරීමට යොදා ගත් රථය ලබා දෙමින් මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරීමට අනුබල දීම සම්බන්ධයෙන් සටහන් වී ඇත.
තවද අත්අඩංගුවට ගත් පුද්ගලයින් පිළිබඳ නිරීක්ෂණ තොරතුරු පද්ධතියට අනුව (Arrested Monitoring Information System ) පරීක්ෂා කිරීමේදී පහත පරිදි අත්අඩංගුවට ගෙන ඇති බවට වාර්තා වේ.
ඒ අනුව 2017.09.16 දින වැලිගම පොලිස් ස්ථානය මඟින් පහර දිම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇත.
තවද 2018.03.11 දින සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසය මඟින් නිති විරෝදි ගිණි අවි හා ජීව උන්ඩ ලග තබා ගැනීම සම්බන්ධයෙ අත්අඩංගුවට ගෙන ඇත.