ජනප්‍රිය ගායකයකු හෘදයාබාධයකින් මරුට
By Ashfa
ජනප්‍රිය ගායන ශිල්පී රිෂාබ් ටැන්ඩන් ජීවිතක්ෂයට පත්ව ඇත.
මියයන විට වයස අවුරුදු 35ක් වූ ඔහු දීපවාලි උත්සවය නිමිත්තෙන් පවුලේ අය බැලීමට දිල්ලියට ගිය අවස්ථාවේදී මෙලෙස හෘදයාබාධයට ලක්ව ඇත.
පවුලේ සාමාජිකයන් ඔහුගේ අභාවයෙන් පසු මාධ්‍ය සහ රසික ප්‍රජාවෙන් විශේෂ ඉල්ලීමක් කර ඇති අතර දුක්ඛිත අවස්ථාවේදී ඔවුන්ගේ පෞද්ගලිකත්වයට ගරු කරමින්, පවුලට ශෝකය පළ කිරීමට අවශ්‍ය නිදහස ලබා දෙන ලෙසත්, මෙම පුවත සම්බන්ධයෙන් අනවශ්‍ය ප්‍රචාරයන්ගෙන් වළකින ලෙස ඉල්ලා ඇත.