ආයේ හිතුමනාපෙට කොළඹ මේ තැන්වල මේවා කරන්න තහනම් - කරොත් වැඩ වරදියි ( කඩ සාප්පු ගැන)
කොළඹ නගරයේ කඩයකට හෝ පදික වේදිකාවේ කුටියකට ඉඩ නොමැති බවත්, කිසිඳු අවස්ථාවක දේශපාලන බලය හෝ වෙනත් බලයකින් එවැනි ඉදිරිකිරීම් සිදු වීමට අවස්ථාව නොදෙන බව කොළඹ නගර සභාවේ ඔක්තෝබර් මස සභා රැස්වීමේදී, නගරාධිපතිනී ව්‍රායි කැලි බල්තසාර් මහත්මිය පැවසුවාය.
එම අවස්ථාවේදී, නගරාධිපතිනීය තවදුරටත් සඳහන් කළේ, කොළඹ නගරයේ පදිකවේදිකාවේ කඩ සහ වෙනත් ඉදිකිරීම් නිසා ජනතාව මහ පාරේ ගමන් කිරීමට සිදුව ඇති බවත්, එවැනි අවස්ථාවේ කිසියම් අනතුරක් සිදු වුවහොත් එහි වගකීම නගර සභාවට යොමුවන බවත්ය.
ඒ සම්බන්ධයෙන් සම්පූර්ණ වාර්තාව ලැබුණු විට, නගර සභාව අවශ්‍ය පියවර ගන්නා බවට සඳහන් කළාය. ඒ වගේම නගරයේ පදිකවේදිකාවේ රැකියාව කරන ජනතාවට තැනක් ලබාදී, එම තත්වය පිළිබඳව අවදානය යොමු කරමින් පියවර ගන්නා බවද නගරාධිපතිනී මහත්මිය පැවසුවාය.
මෙම සභා රැස්වීමේදී, සමඟි ජනබලවේගයේ මන්ත්‍රී චමින්ද අලුත්ගෙදර මහතා මෙම ගැටලුව සභාවට ඉදිරිපත් කළ අතර, නගරාධිපතිනී ව්‍රායි කැලි බල්තසාර් මහත්මිය එයට පිළිතුරු ලබා දුන්නාය.